මහින්ද කිරුළපන රැළියට යාම ස්ථිරයි!

හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මැයි පළමුවැනිදා ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගි නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය නමින් හඳුන්වාගන්නා පිරිස කිරුළපන දී පවත්වන මැයි රැළිය වෙත සහභාගිවීම ස්ථිර බවත් රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. දිගින් දිගට ම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ප්‍රමුඛ පිරිසට සහනශීලී ප්‍රතිපත්තියක් දැක්වූ බව පසුගිය මෑත දේශපාලන ඉතිහාසය …

Continue Reading

පූජිත! කරනව නං මෙන්න වැඩ!

කොටකෙතන දී ඉකුත් වසරේ කාන්තාවක් ඝාතනය කෙරුණු අතර එය සිදු කරන ලද්දේ ඇගේ ම පුත්‍රයා විසින් බව කියමින් කහවත්ත පොලිසිය විසින් කරුණු ගොනු කරන ලදී. මෙරට තුච්ඡ, නින්දිත මාධ්‍යකරුවන් විසින් එම බාලවයස්කාරයාගේ සේයාරූ පළ කරමින්, අධිකරණයක සාධාරණ නඩු විභාගයකින් තොරව වැරදිකරුවෙක් කරන ලදී. ඔහුගේ සේයාරූ සෑම මාධ්‍යයක ම පාහේ කිසිදු සංස්කරණයකින් තොරව පළ කරන ලද අතර සිය පෙම්වතියට අවුරුදු තෑග්ගක් …

Continue Reading

අධ්‍යාපනයට කෙළවීම ස්ථිරයි!

කෙළවනවා යන වචනය ග්‍රාම්‍ය වහරේ යෙදෙන වචනයකි. රීඩ් ශ්‍රී ලංකා මාධ්‍ය භාවිතය තුළ අප රකිනා පත්තරකාර උරුමයක් තිබෙන අතර අපි ඒවා ගැන නිබඳව සැලකිලිමත් වන්නෙමු. ඒ සියල්ල තිබිය දී ම අපි නොසරුප් වචනයක් සේ ද ගිණිය හැකි කෙළවනවා යන වචනය මේ ප්‍රවෘත්තිය සඳහා යොදන්නට තීරණය කළෙමු. මෙයට දින කිහිපයකට පෙර අප පුවතක් වාර්තා ක‍ළේ අධ්‍යාපන පරිපාලන සේවයට දෙන්නට යන දේශපාලන …

Continue Reading

පූජිත ජයසුන්දර පොලිස්පති වීම ගැන වෙනස් කතාවක්!

පොලිස්පතිවරයා පත් කිරීම ව්‍යවස්ථා සභාවට අනුව සිදුවීම සුවිශේෂී කරුණකි. මන්දයත්, මෙය පෙර පොලිස්පතිවරයා පත් කෙරුණේ බලයේ සිටින ජනපතිවරයාගේ අත්තනෝමතයට නිසා ය. ජනපතිවරයා විසින් නම් තුනක් පොලිස්පති තනතුර සඳහා යෝජනා කර එවා තිබුණි. ඒ අතර වැඩ බලන පොලිස්පතිවරයාගේ නම ද සඳහන්ව තිබූ අතර ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දරගේ නම යි. සමාජ මාධ්‍ය ජාලවල පවා ජනප්‍රියත්වයක් …

Continue Reading

සම්බන්ධන්ගේ ප්‍රකාශය වැරැදි ද?

විපක්ෂ නායක සේ ම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතිවාදී මත දරන්නන්ගේ මාධ්‍යන්හි විශාල වශයෙන් එයට විරුද්ධව මත දක්වමින් යනු මේ දිනවල දක්නට ලැබෙන්නකි. සම්බන්ධන්ගේ එම ප්‍රකාශය රට දෙකඩ කරවන, හෙළා දැකිය යුතු ප්‍රකාශයක් ද? සම්බන්ධන් කියා ඇත්තේ, ද්‍රවිඩ ජනතාව පිළිනොගන්නා ව්‍යවස්ථාවක් ගෙන එන්නට ඉඩ නොදෙන බව ය. මෙම ප්‍රකාශය ම වෙන කරුණක් අරභයා වෙනත් දේශපාලන නායකයෙක්, …

Continue Reading

ජනපති මඩු වලිගය අතට ගනියි ද?

එළැඹෙන 02 වැනිදා සිට වැට් බද්ද 15% දක්වා වැඩි කරන්නට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය ජනපතිවරයා විසින් විවේචනයට ලක් වී ඇත. ජනපතිවරයා සහ ආණ්ඩුව අතර 100% එකඟතාවක් නැති බව අපි කවුරුත් පාහේ දනිමු. මහින්ද රාජපක්ෂ කේක් කෑල්ලක් වැනි රටක් බාර දුන්නා යැ යි කියමින් පූූච්චානම් කතා කීවාට බරපතල ණයක් සහ හිස් භාණ්ඩාගාරයක් සහිත ආර්ථික වශයෙන් අර්බුදයට ගිය රටක් ඉතිරි කළ …

Continue Reading

අවුරුද්දේ නරක ප්‍රතිඵල!

පුවත් වාර්තා සඳහන් කරන පරිදි අවුරුදු සමය අවසන් වෙද්දී සිදු වූ රිය අනතුරුවලින් 50කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මෙය ඉතා ඛේදවාචී තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පසුගිය සමයේ විශාල වශයෙන් මෙරටට වාහන ආනයනය කෙරුණු අතර ඒවා බොහොමයක් විධිමත් ව නිෂ්පාදනය කරන ලද ඒවා නොවේ. ජපන් තාක්ෂණය යැ යි කියා ගනිමින් යාන්තමින් ඉන්දියාවේ ඇටවූ බොහෝ වාහන එහි මීටර පුවරුවේ …

Continue Reading

මෙන්න ආණ්ඩුවේ හොඳ වැඩක්!

වරදට වරද කියා කෙළින් කියමින් චෝදනා කරන්නට හැකිවාක් මෙන් ම හොඳ දේට හොඳ යැයි කියමින් පසසන්නට ද කොන්දක් තිබිය යුතු ය. නියම මාධ්‍ය කලාවක හරය එයයි. හැමදා ඍජුව, අනම්‍යව, අචලව රජයේ වැරැදි විවේචනය කරන අපට ඔවුන්ගේ හොඳක් කියන්නට ද අවස්ථාවක් කලාතුරකින් වුවද ලැබී තිබේ. රාජ්‍ය ආයතන, ව්‍යස්ථාපිත මණ්ඩල සහ සංස්ථා ආදියට කෙරෙන පත්වීම් (සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්) සඳහා සලකා …

Continue Reading

ආණ්ඩුව දෙදරයි?

වත්මන් රජය යනු බලවත් එකක් නොවේ. එය මුක්කු ගසාගෙන, සක්ක ගසාගෙන දුවන්නකි. මේ ආණ්ඩව තුළ අනෙක් ඒවාට වඩා ගැටුම් තිබෙන බව සත්‍යයකි. විවිධ දේශපාලන මත දරන, විවිධ දේශපාලන න්‍යායපත්‍ර දරන කණ්ඩායම් විශාල ගණනකින් සැදුම් ලද බැවින් ගැටුම් වෙනත් ආණ්ඩුවක තිබෙනවාට වඩා වැඩි ය. නවත ම දේශපාලන ආරංචි මාර්ග අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන්නට …

Continue Reading

මැයි 01දා ශ්‍රී. ල. නි. ප.ය ට තීරණාත්මකයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භින්න වීමේ තීරණාත්මක දිනය මැයි 01 වැනි දා වනු ඇතැ යි දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම මැයි රැළිය ගාල්ලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරටු කරගෙන සිටින ඒකාබද්ධ විපක්ෂය යැ යි හඳුන්වා ගන්නා කණ්ඩායම වෙන ම මැයි රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මේ වන විට ස්ථිර වී ඇත. …

Continue Reading