ශ්‍රී ලංකන් එයාර් – ලැජ්ජ නැති වර්ජන!

රටටත් මහජනතාවටත් දැවැන්ත බරක්ව පවතින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය සම්බන්ධයෙන් මතුව ඇති කතිකාව හැරී තිබෙන්නේ එකී ආයතනය ප්‍රතිව්‍යූහගතකරණය කෙරෙන දිසාවට ය. මේ කටයුත්තට සපුරා එරෙහිව ශ්‍රී ලංකන් එයාර් අායතනයේ වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩවර්ජනයකට යාමේ සූදානමක් ඇති බව අප පුවත් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේවාට කිව යුත්තේ, ලැජ්ජ නැති වර්ජන කියා ය. මෙයට පෙර, පුද්ගලීකරණය කර එමිරේට්ස් සමාගම සතුව …

Continue Reading

ළඟදි ම ගෙදර යන ඇමැතිවරු කවුද?

අලුත් අවුරුද්දට පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. යහපාලන කිරිකලයට ගොම මුසු කළ සහ කරමින් සිටින ඇමැතිවරු කිහිපදෙනෙක්ගේ පට්ටම් අහිමි වෙන්නට යන බව දැනගන්නට ඇතත්, ඒ ගැන ඇත්තේ සැකයකි. අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, රිෂාඩ් බදුර්දීන් වැනි කිහිපදෙනෙක් ම පසුගිය සමයේ හැසිරුණේ අත්තනෝමතිකව සහ රටට හානිකර ලෙස බව බොහෝ දෙනාගේ මතය …

Continue Reading

අධ්‍යාපනය ඉවරයි!

අකිල විරාජ් වැනි අයෙක් අධ්‍යාපන ඇමැති ලෙස පත් කිරීම සුබවාදී ලෙස දුටු අය සිටිති. තරුණයෙක් අත අධ්‍යාපනය තැබීමෙන් අධ්‍යාපනයේ ගැටලු විසඳගැනීමට හැකි වෙතැ යි ඔවුන් සිතුවා විය හැකි ය. අකිල විරාජ් ඇමැතිවරයා ද ඒ බව කටින් බතල කොළ හිටවමින් කියා සිටියේ ය. කෙසේ වෙතත් අකිල විරාජ්ගේ අධ්‍යාපනයේ තරම, කුලියාපිටිය අසාධාරණයට ලක් වුණු දරුවා සම්බන්ධ ප්‍රශ්නයේ දී රට ම දැන ගත්තේ …

Continue Reading

අර්ජුන ඔයා කවුද?

තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්නැ යි අර්ජුන රණතුංග කරන ලද ප්‍රකාශය හෙළ දැකිය යුතු ය. මෙයට පෙරද අප ප්‍රකාශ කළ පරිදි තිලංග සුමතිපාල වැනි බුකිකාරයෙක් ද මේ තනතුරට සුදුසු නොවුණත් දැන් පත්වීම් ලද ඔහුට වැඩ කරගෙන යාමට කාලය දිය යුතු ය. ක්‍රිකට් සමාජ නිලධාරීන්ට ගුටි බැට දෙමින් පවා අර්ජුනලා කමිටුවේ …

Continue Reading

සිරිලියක් ද හෙරලියක් ද?

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මේජර් තිස්ස ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න ඔන්න මෙන්න තිබෙන බව පසුගිය කාලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණත්, එසේ සිදු නොවී ය. ලංකාවේ තිබෙන නීතියට ඉහළින් ඩීල් දේශපාලනය තිබෙනවා ද යන පැනය, හුදී ජනතාවගේ සිතිවිලිවල නැවත වරක් ඇඳී යන්නට එය හේතු විය. එකී තාජුඩීන් ඝාතන පරික්ෂණවලට ම අදාළ ව රතුකුරුස සංවිධානය විසින් …

Continue Reading

කිරි ඉතිරේවා නව වසරේ!

ශ්‍රී ලංකාව ඍතු මාරුවීම් රහිත රටක් වුව ද අප්‍රේල් යනු මෙරට වසන්ත කාලය යි. මුළු සිරිලක ම පාහේ අවුරුදු සිරියෙන් ඇළැලෙන සමය යි. සැමදා ම වාගේ සුබවාදී බලාපොරොත්තු ඉතිරෙන සමයයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරනවා යැ යි ජ්‍යෝතිෂයේ පැවසෙන මේ සමය හා බැඳුණු සිරිත් විරිත් සංස්කෘතිකාංග ගණනාවකි. පවුල් පාලනයක් පෙරලා දමා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නටත්, රට සංවර්ධනය කරා ගෙන …

Continue Reading

පාඩුව රු. ලක්ෂ 3650.21 – ජනතා මුදල් ගිලින බහිරවයෙක්!

ශ්‍රී ලංකාවේ ජනතා මුදල් ගිල දමන බහිරවයන් අතර ඉදිරියෙන් ම සිටින බහිරවයෙක් ලෙස, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැක්විය හැකි ය. ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට රුපියල් ලක්ෂ 3650.21ක ලාබයක් ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මෙරට පවතින වත්මන් දේශපාලනයේ අවලස්සන ම කටයුත්තක් වන කිසිදු සුදුසුකමකින් තොර දේශපාලන හෙංචයියන් රාජ්‍ය ආයතනවලට රිංගවීම ඉතා සරුවට සිදු කළ ස්ථානයකි, මේ ඛනිජ …

Continue Reading

අර්ජුනට වරාය ඇමැතිකම නැති වෙයි ද?

පසුගිය දා වරායේ සේවකයන් උපවාසයක් ආරම්භ කළේ, අවුරුදු අත්තිකාරම් ලබා නොදීම සහ වෙනත් ඉල්ලීම් කිහිපයක් ද වරාය ඇමැති අර්ජුන රණතුංග සහ එහි සභාපති ඔහුගේ සොයුරා ඉවත් කරන ලෙස ද ඉල්ලා සිටිමිනි. මේ තත්වය සම්බන්ධයෙන් අදාළ වෘත්තිය සමිති නියෝජිතයන් සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහි දී අවුරුදු අත්තිකාරම් ඇතුළු අනෙක් ඉල්ලීම් අගමැතිවරයා විසින් ලබා දීමට පොරොන්දු …

Continue Reading

ජනපති මෛත්‍රී අනතුරක් අභියස!

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙන බව කරුණු කාරණා සලකා බැලීමේ දී පැහැදිලිව පෙනී යන්නකි. පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය විසින් පසුගිය දා එම කරුණ මතු කර තිබුණි. හිටපු ජනධිපතිවරුන්ට සහ ජනාධිපතිනියට සාපේක්ෂව වත්මන් ජනාධිපතිවරයා බොරු සෝබන කටයුතුවලින් ඈත්ව සිටියද ස්වකීය ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම බොරු සෝබන කටයුත්තක් නොවේ. ලක්ෂ ගණනක ජනතා කැමැත්තෙන් පත් වූ ජනපතිවරයෙක් යනු තමන්ගේ ජීවිතය …

Continue Reading

මන්ත්‍රීවරුන්ට ආචාරධර්ම!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නට යන බව සැලයි. ඇත්ත වශයෙන් ම කියනවා නම්, එය අත්‍යාවශ්‍ය කටයුත්තක් බවට පත්ව තිබුණේ බොහෝ කලෙක සිට ය. 1970ට පමණ එපිට යුගයේ නම් පාර්ලිමේන්තුවට පත් ව ගියේ අමුතුවෙන් ආචාර ධර්ම උගන්වා හැදිය යුතු පිරිසක් නොවේ. එහෙත් 1970 දශකයෙන් පසුව වාගේ මහජන නියෝජිතයන් ලෙස පත් සාතිශය බහුතරය වූයේ බල්ලො මරා හෝ සල්ලි ටිකක් උපයා …

Continue Reading