වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මේජර් තිස්ස ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න ඔන්න මෙන්න තිබෙන බව පසුගිය කාලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණත්, එසේ සිදු නොවී ය. ලංකාවේ තිබෙන නීතියට ඉහළින් ඩීල් දේශපාලනය තිබෙනවා ද යන පැනය, හුදී ජනතාවගේ සිතිවිලිවල නැවත වරක් ඇඳී යන්නට එය හේතු විය.
එකී තාජුඩීන් ඝාතන පරික්ෂණවලට ම අදාළ ව රතුකුරුස සංවිධානය විසින් හිටපු සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරාට ලබා දී තිබුණු ඩිෆෙන්ඩර් රියක් පිළිබඳව සඳහන් විය. එකී ඩිෆෙන්ඩරය හිටපු ඇමැතිවරයා විසින් හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය සංවිධානයට ලබා දී තිබේ. ඇගේ පුතෙකුගේ වුවමනාවට අනුව එහි වර්ණය නීත්‍යානුකූල අවසරකයකින් තොරව වෙනසක් කර ඇති අතර සී.එස්.එන් රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ද මෙය පරිහරණය කර ඇත. පසුගිය වකවානුවේ හෝමාගම ප්‍රදේශයේ සඟවා තිබිය දී අත්අඩංගුවට පත් වුණු මෙම රථය මාධ්‍ය ඔස්සේ විවිධ කතා බහට ලක් විය.
මේ සම්බන්ධයෙන් කෙරුණු පරික්ෂණ අවසන් නිසා මේ රථයේ හිමිකාරිත්වය දරන රතු කුරුස සංවිධානය වෙත අධිකරණය නොතීසි නිකුත් කරමින් දන්වා ඇත්තේ පැමිණ එය ලබාගන්නා ලෙසයි.
තාජුඩීන් ඝාතන ගැන කොපමණ ලිව්වත් ප්‍රශ්න කළත් තවමත් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අවසන් වශයෙන් සටහන් කර තබමු.