අලුත් අවුරුද්දේ මහින්දගේ අකට විකට!

Spread the love

Mahinda's jokeසමාජජාල වෙබ් අඩවි ගැන මාරාන්තික වෛරයකින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා අවුරුදු පණිවිඩයක් නිකුත් කරන්නට ගොස් විකට ජවනිකාවක් බවට පත්වී ඇත.

ටෙලි ප්‍රොම්ප්ටර් ආධාරයෙන් විමල් වීරවංශලා ලියාදුන් ඇඟ කිළිපොලායන ජාතිවාදී කතා කියෙව්වාට සජීවී ව වචන කිහිපයක් නිසි පරිදි ගලපා කතා කරන්නට මහින්ද රාජපක්ෂට නොහැකි වී ඇත්තේ බීමත්කම නිසා ද කියා සැක සිතෙන තරම් ය. මධ්‍යසාර බිව්වා නොව නා ගත්තාට වුවත් අපට කම් නැත. නමුත්, ෆේස්බුක් තියන්නේ ආතල් ගන්න කියූ මහින්දලාට වැනි වැනී හරි අකට විකට කියවන්නට ෆේස්බුක් ඉස්සරහට එන්නට සිදු වීම දෛවයේ සරදමක් බව නම් පෙනේ.

RSL

Related Posts