වහින වැස්ස 12 තෙක්ම; ජලාශ පිටාර මට්ටමට

දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 12 වැනිදා තෙක්‌ අඛණ්‌ඩව පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්‌කේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙන් මෙසේ වැසි ඇතිවිය හැකි බව එම...

කුප්‍රකට සරණ ගුණවර්ධන යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අද (4) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගෙන ඇත්තේ...

ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයි

දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට එරෙහිව හිටපු හමුදාපති වහාම අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. ජගත් ජයසූරිය මහතා යුද...

ෆීල්ඩ්මාෂල්ගේ ප්‍රකාශයට හමුදාපතිගේ විරෝධය

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඊයේ (03 දා) ඉල්ලා සිටියේය. එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද...

ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට හා දෙමාපියන්ට උපදෙස් නිකුත් කෙරේ

මෙම 20 වෙනි දින පැවැත්වෙන පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා විශේෂ උපදෙස් මාලාවක් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කොට ඇත. ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දුපත් ප්‍රදේශ ද ඇතුළුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 ක මෙවර ශිෂ්‍යත්ව විභාගය...

ආණ්‌ඩුවේ දූෂණ හෙළිවෙද්දී මගේ පවුලේ අය සීඅයිඩී එෆ්සීඅයිඩී ගෙන්වනවා – මහින්ද රාජපක්‍ෂගෙන් නිවේදනයක්‌

එම නිවේදනය මෙසේය. මේ සතිය තුළ මාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු එනම්, මගේ බිරිඳ ශිරන්ති රාජපක්‌ෂත්, මගේ බාල පුතුන් වන යෝෂිත හා රෝහිතත්, සීඅයිඩීය හා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කැඳවා ප්‍රශ්න කරනු ලැබීය. මගේ බිරිඳ ගෙන් ඔවුන් ඇසූ ප්‍රශ්නය වූයේ 2011...

අන්තර් ජාල බද්ද 10%කින් අඩු කෙරේ; යතුරුපැදි – කුඩා ලොරි කැබ් බදුත් පහළට

අන්තර් ජාල සේවා සඳහා (දත්ත මත) පනවා තිබූ සියයට 10 ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමටද රජය තීරණය කර ඇත. එසේම එන්ජින් ධාරිතාව සීසී 150 ට වඩා අඩු යතුරුපැදි, කුඩා ලොරි රථ සහ සින්ගල් කැබ් රථ සඳහා අයකරන බදු මුදල්...

‘හෙට දකින රනිල්’ව ජනපති මෛත්‍රී අද විවෘත කරයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂී අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. "හෙට දකින රනිල්" නමින් නම් කර තිඛෙන ප්‍රදර්ශනය හෙට සිට 20...

විජේදාස රාජපක්ෂ ගැන තීරණය අගමැති අතේ

අධිකරණ සහ බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පැවැති චෝදනා මුල් කොට ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේ හිමිකම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවැරීමට අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය...

වාහන මිල අඩුවෙයි යතුරුපැදි මිල හරි අඩකින් පහලට අන්තර්ජාල සේවා බදු ඉවතට

එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය. මීට අමතරව කුඩා...
Loading posts...

All posts loaded

No more posts