කුප්‍රකට සරණ ගුණවර්ධන යළි රිමාන්ඩ්

Spread the love

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අද (4) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ චෝදනාව යටතේය.

ගුණවර්ධන මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරන අතරතුර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටෙන්ඩර් මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

එහිදී ඔහු රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයන කර ඇති නමුත් එකී රථය මේ වන විට අතුරුදන්ව ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

RSL

Related Posts