වහින වැස්ස 12 තෙක්ම; ජලාශ පිටාර මට්ටමට

Spread the love

දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 12 වැනිදා තෙක්‌ අඛණ්‌ඩව පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්‌කේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙන් මෙසේ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

වැසි ඇතිවනවිට තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු අනතුරු වළක්‌වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.

ජලාශ පිටාර මට්ටමට

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඉකුත් දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට පැමිණ ඇතැයි වාර්තාවේ.

විදුලිබල මණ්ඩලය පැවසුවේ කාසල්රී ජලාශය අඩි හතක් හා මාවුස්සාකැලේ ජලාශය අඩි අටක් ලෙස පිටාර මට්ටමට පැමිණ ඇති බවයි.

එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග ලක්ෂපාණ, නව ලක්ෂපාණ, කැණියොන්, පොල්පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවකින් සිදු කරන බව ද විදුලිබල මණ්ඩලය පවසයි.

RSL

Related Posts