අන්තර් ජාල බද්ද 10%කින් අඩු කෙරේ; යතුරුපැදි – කුඩා ලොරි කැබ් බදුත් පහළට

Spread the love

අන්තර් ජාල සේවා සඳහා (දත්ත මත) පනවා තිබූ සියයට 10 ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමටද රජය තීරණය කර ඇත. එසේම එන්ජින් ධාරිතාව සීසී 150 ට වඩා අඩු යතුරුපැදි, කුඩා ලොරි රථ සහ සින්ගල් කැබ් රථ සඳහා අයකරන බදු මුදල් ඊයේ (17 දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව එන්ජින් ධාරිතාව සීසී 150 ට වඩා අඩු යතුරුපැදි සඳහා පැවැති සියයට 90 ක වටිනාකම මත අයවන ආනයන බද්ද ඉවත්කර ඒ වෙනුවට එන්ජින් ධාරිතාව මත බදු අය කිරීමටද රජය තීරණය කර තිබේ.

ඒ අනුව යතුරුපැදි මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (17 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

කුඩා ලොරි රථයක සහ සින්ගල් කැබ් රථයක බදු මුදල රුපියල් දශ ලක්‌ෂයේ සිට රුපියල් හත් ලක්‌ෂය දක්‌වා රුපියල් ලක්‍ෂ තුනකින් පමණ අඩුවනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.

එන්ජින් ධාරිතාව මත බදු අයකිරීම නිසා ඉදිරියේදී හොඳ වර්ගයේ ජපන් යතුරුපැදි වැඩි වශයෙන් මෙරටට ආනයනය කෙරෙනු ඇතැයි අපේක්‌ෂා කෙරේ.

RSL

Related Posts