ආණ්‌ඩුවේ දූෂණ හෙළිවෙද්දී මගේ පවුලේ අය සීඅයිඩී එෆ්සීඅයිඩී ගෙන්වනවා – මහින්ද රාජපක්‍ෂගෙන් නිවේදනයක්‌

Spread the love

එම නිවේදනය මෙසේය.

මේ සතිය තුළ මාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු එනම්, මගේ

බිරිඳ ශිරන්ති රාජපක්‌ෂත්, මගේ බාල පුතුන් වන යෝෂිත හා

රෝහිතත්, සීඅයිඩීය හා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කැඳවා

ප්‍රශ්න කරනු ලැබීය. මගේ බිරිඳ ගෙන් ඔවුන් ඇසූ ප්‍රශ්නය වූයේ

2011 දී රතුකුරුස සංවිධානය විසින් ඇයගේ සිරිලිය සවිය සමාජ

සේවා සංවිධානයට ලබාදුන් ජීප් රථයක පාට වෙනස්‌ කරනු ලැබුවේ

මන්ද යන්නයි. මේ ජීප් රථය භාවිතා කොට තිබුණේ ජනාධිපති

ලේකම් කාර්යාලයේ වැඩවලටය. මගේ බිරිඳ සීඅයිඩීයට දැනුම්

දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය පරිහරණය කරන වාහනවල

නඩත්තුව හෝ අලුත්වැඩියා කටයුතු ගැන ඇය කිසිවක්‌ නොදන්නා

බවයි. මේ කාරණය ගැන මගේ පුත් යෝෂිතගෙන්ද පසුගිය බදාදා

සීඅයිඩීය ප්‍රකාශයක්‌ ලබා ගත්තේය. ඔහුගෙන් අසා තිබුණේ ඔහු මේ

වාහනයේ පාට වෙනස්‌ කිරීමට කාහට හෝ උපදෙස්‌ දුන්නාද

යන්නයි. මෙයට යෝෂිත දුන් පිළිතුර වූයේ ජනාධිපති ලේකම්

කාර්යාලයේ වාහන නඩත්තු කරන්නේත් අලුත්වැඩියා කරන්නේත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අංශය බවයි. මෙකී

වාහනය ඔහුගේ ආරක්‌ෂක භටයන් විසින් පාවිච්චි කළේද යන

පැනයට ඔහු දී තිබූ පිළිතුර වූයේ තම ආරක්‌ෂකයන්ට වාහන ලබා

දෙන්නේ ජනාධිපති ආරක්‌ෂක අංශයෙන් මිස තමා නොවන බවයි.

පසුගිය අඟහරුවාදා මුල්වරට මගේ බාලම පුත් රෝහිත ද මූල්‍ය

අපරාධ කොට්‌ඨාසයට කැඳවා ප්‍රශ්න කරන ලදී. ඔහුගෙන් අසා

තිබුණු ප්‍රශ්නය වූයේ ලංකාවේ මුල් වරට සන්නිවේදන චන්ද්‍රිකාවක්‌

අභ්‍යවකාශයට යෑවූ ‘සුප්‍රීම් සැට්‌’ නමැති සමාගමේ ඔහුට කොටස්‌

හිමිකාරිත්වයක්‌ තිබෙනවාද යන්නයි. රෝහිත ඔවුන්ට පවසා

තිබුණේ ඔහුට සුප්‍රීම් සැට්‌ සමාගමේ Rජු හෝ වක්‍ර කොටස්‌ අයිතියක්‌

නැති බවත්, ඔහු 2012 ජුලි මාසයේ සිට 2014 ජුලි මාසය දක්‌වා

එකී සමාගමේ තාක්‌ෂණික අධ්‍යක්‌ෂක හැටියට වැටුප් ලබන

සේවකයෙකු වූ බවත්ය. 2014 ජුලි මාසයෙන් පසු වැඩිදුර

අධ්‍යාපනය ලැබීම සඳහා ඔහු එම රැකියාවෙන් ඉවත් විය. මූල්‍ය

අපරාධ කොට්‌ඨාසය ඇසූ තවත් පැනයක්‌ වූයේ සුප්‍රීම් සැට්‌ සමාගමට

අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට ඔහු උදව් කළේද යන්නයි. රෝහිත

ඔවුන්ට පවසා සිටියේ ඔහු 2012 මේ සමාගමට බැඳෙන අවස්‌ථාව

වන විට ඔවුන්ට අවශ්‍ය බලපත්‍ර සියල්ල ලබාගෙන තිබුණු බවත්,

ඔහුට සුප්‍රීම් සැට්‌ සමාගම හඳුන්වා දුන්නේ තරුණ උපාධිධාරීන් තම

සමාගමට බඳවා ගැනීම සඳහා එංගලන්තයේ සවුත්හැම්ටන්

විශ්වවිද්‍යාලයට පැමිණි චීන ව්‍යාපාරිකයකු විසින් බවයි.

බ්‍රිතාන්‍යයේ අභ්‍යවකාශ ඉංජිනේරු පාඨමාලාවක්‌ පවත්වාගෙන යන

එකම විශ්වවිද්‍යාලය සවුත්හැම්ටන් විශ්වවිද්‍යාලයයි. 2012 දී මේ

පාඨමාලාව සම්පූර්ණ කළ උපාධිධාරින් හත්දෙනකු වූ අතර මගේ

පුත් රෝහිතද ඒ අතර විය. 2012 දී සුප්‍රීම් සැට්‌ ආයතනයද හවුල්ව

අභ්‍යවකාශ ගත කරනු ලැබූ චන්ද්‍රිකාව අයත් වන්නේ චීන

ආණ්‌ඩුවටයි. මේ චන්ද්‍රිකාවේ ඇති ට්‍රාන්ස්‌පොන්ඩර් සන්නිවේද

පද්ධති 36 න් 6 ක්‌ සුප්‍රීම් සැට්‌ ආයතනය විසින් අවුරුදු 12 කට බදු

පදනම මත අරගෙන ඇත. ලංකාවේ ගැනුම්කරුවන්ට සන්නිවේදන

සේවා ලබාදීම මේ සමාගමේ අරමුණයි. මෙම සමාගමේ ප්‍රධාන

ආයෝජකයා සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බව මට

දැනගන්නට ලැබී ඇත.

මේ සතියේ ජනතාව දුටුවේ මමත් මගේ පවුලටත් සමස්‌ත

විපක්‌ෂයටත් එරෙහිව යමපාලකයන් ගෙන යන ප්‍රචාරක සංග්‍රාමයේ

තවත් අදියරකි. මගේ පවුලේ සාමාජිකයන්ට නොයෙක්‌ පොලිස්‌

විමර්ශන ඒකක ඉදිරියේ පෙනී සිටීමට ලිපි නිකුත් කෙරේ. ඉන්පසු

මොවුන් මෙසේ ගෙන්වන්නේ තාජුඩීන්ගේ මරණය ගැන

විමර්ශනය කිරීමට යෑයි පොලිසිය විසින් මාධ්‍යයට ඉඟිකරයි.

යමපාලන ආණ්‌ඩුවට වැදගත් වන්නේ පොලිසිය ලබා ගන්නා කට

උත්තර වල අන්තර්ගතය නොව තාජුඩීන් සම්බන්ධයෙන් මගේ

පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීමට යන බවට පළවන මාධ්‍ය

වාර්තාය. මගේ බාලම පුත් රෝහිත මූල්‍ය අපරාධ කොට්‌ඨාසය

විසින් කැඳවූ විට යමපාලනයට පක්‌ෂපාත වෙබ් අඩවි පවසා සිටියේ

චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශගත කිරීමට මගේ ආණ්‌ඩුව රුපියල් මිලියන

සිය ගණනක්‌ වියදම් කර තිබුණු බවයි. නමුත් සුප්‍රීම් සැට්‌ නැමති මේ

චන්ද්‍රිකා තාක්‌ෂණ ආයතනය සමඟ ශ්‍රී ලංකා ආණ්‌ඩුවට කිසිදු

සම්බන්ධයක්‌ නැත. සීඅයිඩීයත් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයත්

ආණ්‌ඩුව සමඟ මේ මාධ්‍ය මෙහෙයුමේ සිටී. පසුගිය බදාදා යෝෂිත

සීඅයිඩීයට කට උත්තරය දී විනාඩි ගාණකට පසු ඔහුගෙන්

ඇසුවායෑයි කියන ප්‍රශ්න පිළිබඳ වාර්තාවක්‌ යමපාලන වෙබ්

අඩවියක පළවිය.

යමපාලන ආණ්‌ඩුවේ මහාපරිමාණ වංචා හා දූෂණ ඉතාමත්ම

අනපේක්‌ෂිත හා විචිත්‍රවත් ලෙස හෙළිවෙද්දී මගේ පවුලේ

සාමාජිකයන් සීඅයිඩීයට හා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට ගෙන්වා

ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්‌ඩුව කටයුතු

කරමින් සිටින බව ඉතා පැහැදිලිය. රාජපක්‌ෂවරුන්ට අදාළ නඩු

ඇසීමට විශේෂ උසාවි පිහිටුවන බවට මොවුන් දැන් කරන

ප්‍රකාශවලින් ඔවුන් කලබල වී තිබෙන තරම මනාවට පැහැදිලි වෙයි.

මේ යෝජනාව ව්‍යවස්‌ථාවේ, නීතිය ඉදිරියේ සැමට සමානව

සැලකීමේ මූලධර්මයටත්, නිර්දෝෂීබවේ පූර්වනිගමනය යන

මූලධර්මයටත් පටහැනිය. මෙවැනි විශේෂ උසාවියක්‌ පිහිටුවූවත් මේ

උසාවියට ඉදිරිපත් කරන සාක්‌ෂි මොනවාද? යමපාලන ආණ්‌ඩුව

බලයට පත්වීමෙන් පසු මගේ පවුලේ සාමාජිකයන්ට අයත් කෝටි

500 කට අධික වටිනාකමක්‌ ඇති දේපොල උසාවි හෝ ආණ්‌ඩුව

විසින් රාජසන්තක කර ඇති බව ආණ්‌ඩුව පවසා ඇත. මෙය අමූලික

බොරුවකි.

මගේ පවුලේ සාමාජිකයෙක්‌ට අයත් කිසිදු දේපලක්‌ රජය විසින්

හෝ උසාවියක්‌ විසින් රාජසන්තක කොට නැත. ආණ්‌ඩුව උත්සාහ

කරමින් සිටින්නේ වෙනත් පුද්ගලයන්ට අයිති දේපල අපට අයිති

දේපල හැටියට හුවා දැක්‌වීමටය. මේ ක්‍රියාදාමයේ දී ඔවුන් ඇතැම්

පුද්ගලයන්ට බරපතල පීඩා පමුණුවා ඇත. මගේ පවුලේ කිසිදු

සාමාජිකයකු සතුව, ලැබුණේ කෙසේදැයි විස්‌තර කළ නොහැකි

චංචල හෝ නිශ්චල දේපල කිසිවක්‌ කවුරුත් සොයාගෙන නැත.

එවැනි දේපල ඇත්තේ මේ ආණ්‌ඩුවේ ඇමතිවරුන්ට බව මුළු රටම

දනී. මීට පෙර පැවති කිසිදු ආණ්‌ඩුවක්‌ මේ යමපාලන ආණ්‌ඩුව

මෙන් තම දේශපාලන ප්‍රතිවාදීන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ

ආකාරයට හිරිහැර කර නැත.

RSL

Related Posts