ශ්‍රී ලංකාව ඍතු මාරුවීම් රහිත රටක් වුව ද අප්‍රේල් යනු මෙරට වසන්ත කාලය යි. මුළු සිරිලක ම පාහේ අවුරුදු සිරියෙන් ඇළැලෙන සමය යි. සැමදා ම වාගේ සුබවාදී බලාපොරොත්තු ඉතිරෙන සමයයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරනවා යැ යි ජ්‍යෝතිෂයේ පැවසෙන මේ සමය හා බැඳුණු සිරිත් විරිත් සංස්කෘතිකාංග ගණනාවකි.
පවුල් පාලනයක් පෙරලා දමා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නටත්, රට සංවර්ධනය කරා ගෙන යාමටත් සුබවාදීව ඇරැඹුණු වසර ඇල්වතුර මෙන් වී ගිය තත්ත්වයක් මත වුව ද තවමත් ජනතා බලාපොරොත්තු සිඳී බිඳී නැත. ඒවා ඉටු කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීම ය.
මේ වසරේ දී ත් ඉකුත් සියලු වසරවල මෙන් ම අපි ජනතාවගේ පැත්තේ හිඳගෙන අපේ භාවිතාව ගෙන යන්නෙමු.
එය මේ වසරේ ද රීඩ් ශ්‍රී ලංකා අවුරුදු අදිටන යි.
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
Loading...