පාඩුව රු. ලක්ෂ 3650.21 – ජනතා මුදල් ගිලින බහිරවයෙක්!

Spread the love

ceypetco

ශ්‍රී ලංකාවේ ජනතා මුදල් ගිල දමන බහිරවයන් අතර ඉදිරියෙන් ම සිටින බහිරවයෙක් ලෙස, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැක්විය හැකි ය. ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට රුපියල් ලක්ෂ 3650.21ක ලාබයක් ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

මෙරට පවතින වත්මන් දේශපාලනයේ අවලස්සන ම කටයුත්තක් වන කිසිදු සුදුසුකමකින් තොර දේශපාලන හෙංචයියන් රාජ්‍ය ආයතනවලට රිංගවීම ඉතා සරුවට සිදු කළ ස්ථානයකි, මේ ඛනිජ තෙල් සංස්ථාව. ජනතාව බරපතල ලෙස විරෝධය දැක්විය යුතු සිදුවීමක් වුවත්, එසේ නොවන්නේ මෙයින් තමන්ට වන හානිය ගැන ජනතාව තුළ අවබෝධයක් නැති නිසා ය.

පසුගිය දිනක අප වාර්තා කළ පුවතක් වූයේ, වත්මන් ඛනිජ තෙල් විෂය භාර ඇමැතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් ලබා දුන් හෙංචයි පත්වීම් 200කට ආසන්න ප්‍රමාණයක් ගැන යි. මේ වන විටත් 3000ක පමණ සේවක අතිරික්තයක් පවතින මේ ආයතනයට තවත් සේවකයන් ලෙස තමන්ගේ හෙංචයියන් දමන්නේ ලක්ෂ 3650කට වැඩියෙන් පාඩු ලබන ආයතනයකට ය.

මෙවන් රටකට කවදා පායාද සූරියා කියා අසනවා මිස බොරුවට සූර්ය මංගල්ලය කියා උඩ පැන්නාට වැඩක් නැත.

RSL

Related Posts