අර්ජුනට වරාය ඇමැතිකම නැති වෙයි ද?

Spread the love

Arjuna

පසුගිය දා වරායේ සේවකයන් උපවාසයක් ආරම්භ කළේ, අවුරුදු අත්තිකාරම් ලබා නොදීම සහ වෙනත් ඉල්ලීම් කිහිපයක් ද වරාය ඇමැති අර්ජුන රණතුංග සහ එහි සභාපති ඔහුගේ සොයුරා ඉවත් කරන ලෙස ද ඉල්ලා සිටිමිනි.

මේ තත්වය සම්බන්ධයෙන් අදාළ වෘත්තිය සමිති නියෝජිතයන් සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහි දී අවුරුදු අත්තිකාරම් ඇතුළු අනෙක් ඉල්ලීම් අගමැතිවරයා විසින් ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින්නට අදාළ පිරිස එකඟ වී තිබේ. ඇමැතිවරයා සහ ඇමැති සොයුරා ඉවත් කිරීම සම්බන්ධයෙන් අවුරුදු සමයෙන් පසුව සලකා බලන බව අගමැතිවරයා ඔවුනට පවසා ඇත.

අර්ජුන ඇමැතිධුරයෙන් ඉවත් කිරීම වැනි තැනකට අගමැතිවරයා නොයනු ඇති බව අපේ ගණන් බැලීම ය. අර්ජුන යනු මේ බලතුලනය අස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නියෝජනයකි. අර්ජුනගේ අත්තනෝමතික සහ උද්දච්ච හැසිරීමට ද හේතුව මේ බව කිව හැකිය. කෙසේ වෙතත් යහපාලන කිරි කලයට පළමු ගොම බිංදුව දැම්මේ අර්ජුන බව පැහැදිලි ය.

RSL

Related Posts