මේ කිරි හට්ටිය මම අද (11) දා උදේ පාන්දර මිල දී ගත්තේ ගාල්ල නගරයෙන් කිලෝ මීටර හතක් පමණ ඈත ගමක දී. පුදුමය කියන්නේ මේ කිරි හට්ටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ පොළොන්නරුවේ. පොළොන්නරුවේ දී කිරි දොවා මුදවන්න අඩුම ගණනේ දවසක් හෝ දෙකක් ගත වනවා. නමුත් මෙහි නිෂ්පාදන දිනය සටහන් කරලා තියෙන්නේ අද (11) දා පොළොන්නරුවේ ඉදලා මුදවපු කිරි හට්ටියක් ගාල්ලෙනුත් ඇතුලේ ගමකට එන්න තවත් දවසක් හෝ දෙකක් ගත විය යුතුයි. මේ කිරි හට්ටිය අඩුම ගණනේ හදන්න ඇත්තේ අදට දවස් තුනකට හෝ හතරක පෙර විය යුතුයි. කිරි ආහාර කල් ඉකුත්වූ විට වර්ධනය වන විෂබීජ උග්‍ර විෂ සහිතයි. ඒ නිසා කිරි හට්ටියක නිෂ්පාදිත දිනය ඉතා වැදගත්. නමුත් මේ නිෂ්පාදකයා අපි හැමෝම ගොනාට අන්දන්න හදන්නේ.
එහෙනම් මේ ලේබලයේ තිබෙන නිෂ්පාදන දිනයත් කල් ඉකුත්වන දිනයත් වැරදියි. මේක නීති විරෝධීයි. මේ වැඩේ මම නිරීක්ෂණය කළේ අද ඊයේ නොවෙයි. මම දැන් මාස ගණනක ඉදලා මේ ගන සොයා බැලුවා. හැමදාමත් එයාලා නිෂ්පාදන දිනය සටහන් කරන්නේ කඩේ ගාවට ඇවිත්. කඩේට කිරි හට්ටි දාන වෙලාවේදී.
මේ ගැන මම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කිව්වා. එයි මගෙන් කඩේ කොතන ද කියා අහනවා. ඇයි ඒ. කඩේට නඩු දාන්න. ඒක යකාගේ නීතියක්. කිරි හට්ටියට වැරදි දිනයක් දාලා වරද කරන්නේ නිෂ්පාදකයා. කඩේ විකුණන එකත් වැරදියි. ඒක මම පිළිගන්නවා.
අපි පාරිභෝගිකයන් ලෙස මෙයට විරුද්ධ විය යුතුයි. මේ ඔබේ අවධානය පිණිසයි.
සජීව විජේවීර
(ෆේස්බුක් ගිණුමෙනි)