ජනපති මෛත්‍රී අනතුරක් අභියස!

Spread the love

President-Maithripala-Sirisena6

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙන බව කරුණු කාරණා සලකා බැලීමේ දී පැහැදිලිව පෙනී යන්නකි. පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය විසින් පසුගිය දා එම කරුණ මතු කර තිබුණි.

හිටපු ජනධිපතිවරුන්ට සහ ජනාධිපතිනියට සාපේක්ෂව වත්මන් ජනාධිපතිවරයා බොරු සෝබන කටයුතුවලින් ඈත්ව සිටියද ස්වකීය ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම බොරු සෝබන කටයුත්තක් නොවේ. ලක්ෂ ගණනක ජනතා කැමැත්තෙන් පත් වූ ජනපතිවරයෙක් යනු තමන්ගේ ජීවිතය තමන්ට සහ පවුලට පමණක් වගකිව යුතු අයෙක් නොවේ.

ජනපති පදවි ප්‍රාප්තව මුල් කාලයේ හම්බන්තොට රැස්වීමක දී ජනපති ආසන්නයට පැමිණ සිටි පිස්තෝලධාරියෙක් අත්අඩංගුවට පත් විය. ඔහු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයෙක් බව කියැවිණ. නාමල් රාජපක්ෂ වැනි මරි මෝඩයෙකුට කළ හැකි මෝඩකම් ප්‍රමාණය අසීමිත ය. අනෙක් අතට පදවි මාරුව නිසා අසානාසි වී සිටින මහින්දගේ ඇම්බැට්ට සේනාව සිටින්නේ ද වියරු වැටී ය. ජනපතිගේ ජීවිතය අහිමි වුවහොත් සිදුවන දේශපාලන වෙනස ගැන ද සුළුවට තැකිය නොහැකි ය.

පසුගිය දා ජනපතිවරයා සහභාගි වූ රැස්වීමක විදුලිය ඇනහිටියේ ය. එවැනි අතපසු වීමක් ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය මර්ධනය කළා යැ යි පාරම්බාන ආරක්ෂක අංශයකින් සිදුවිය හැකි ද? මේ සියලු සිදුවීම් කෙරෙහි ජනපතිවරයා නිවුණු සිතින් සිටීම ඉතා ම නරක තත්වයකි. සියලු ආකාරයේ ආරක්ෂක හිඩැස් ඇති කළ, අතපසු කළ සියල්ලට ම තරාතිරම නොතකා දඬුවම් කළ යුතු ය.

ජනපතිවරයා සිය ආරක්ෂාව පිළිබඳ ව ජනපතිවරෙයක් ලෙස වගකීම් සහගත ව සිතිය යුතු ය.

RSL

Related Posts