මන්ත්‍රීවරුන්ට ආචාරධර්ම!

Spread the love

parliment-horu-01

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නට යන බව සැලයි. ඇත්ත වශයෙන් ම කියනවා නම්, එය අත්‍යාවශ්‍ය කටයුත්තක් බවට පත්ව තිබුණේ බොහෝ කලෙක සිට ය. 1970ට පමණ එපිට යුගයේ නම් පාර්ලිමේන්තුවට පත් ව ගියේ අමුතුවෙන් ආචාර ධර්ම උගන්වා හැදිය යුතු පිරිසක් නොවේ.

එහෙත් 1970 දශකයෙන් පසුව වාගේ මහජන නියෝජිතයන් ලෙස පත් සාතිශය බහුතරය වූයේ බල්ලො මරා හෝ සල්ලි ටිකක් උපයා ගත්, සල්ලි බලයට මැර බලය ද උපයාගත් පිරිසකු යි. ඔවුන්ගේ කතා ස්වරූපයේ සිට අන් සියල්ල ම පෙන්නුම් කරන්නේ අතිශය ප්‍රාථමික අශිෂ්ට ස්වරූපය යි. පාර්ලිමේන්තු විවාද එකල දැනුම ලබා දෙන උල්පතක් වුව ද මෙකල පොඩි දරුවෙකුට අසන්නට දෙන්නට බය තරම් අසභ්‍ය දේවල් කියැවෙන තැනකි.

අලුතෙන් හඳුන්වා දෙන්නට යන ආචාර ධර්ම අතර වත්කම් බැරකම් ප්‍රකාශය තමන්ට ලැබෙන ත්‍යාග හා ප්‍රදානයන් සමගම ලබා දෙන්නට අවැසි බව කියැවේ. තමන් සම්බන්ධ සිදුවීමක් පාර්ලිමේන්තුවේ ඡන්දයට ලක් වීමේ දී ඔහුට/ඇයට ඡන්දය භාවිත කිරීමට නොහැකි බවට ද එහි එන බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත්, රටේ මූලික නීතිය සම්පාදනය කරන ස්ථානයේ ආචාර ධර්ම රැකීමට කටයුතු කිරීම පැසසුම් කටයුතු දෙයකි.

RSL

Related Posts