ළඟදි ම ගෙදර යන ඇමැතිවරු කවුද?

Spread the love

brib

අලුත් අවුරුද්දට පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. යහපාලන කිරිකලයට ගොම මුසු කළ සහ කරමින් සිටින ඇමැතිවරු කිහිපදෙනෙක්ගේ පට්ටම් අහිමි වෙන්නට යන බව දැනගන්නට ඇතත්, ඒ ගැන ඇත්තේ සැකයකි.

අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, රිෂාඩ් බදුර්දීන් වැනි කිහිපදෙනෙක් ම පසුගිය සමයේ හැසිරුණේ අත්තනෝමතිකව සහ රටට හානිකර ලෙස බව බොහෝ දෙනාගේ මතය යි. යහපාලන රජය ජනතාව ඉදිරියේ හෑල්ලු කරන ඇමැතිවරුන් පිළිබඳ ව ජනපතිවරයාට මෙන් ම අගමැතිවරයාට ද පැමිණිලි ලැබී ඇති බව ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත්, අමාත්‍ය මණ්ඩලයට නුදුරේ දී තවත් ඇමැති, නියෝජ්‍ය ඇමැති සහ රාජ්‍ය ඇමැති තුන් කට්ටුවක් ද එක් වීමට නියමිත ය.

කැබිනට් සංශෝධනයක් යැ යි කීව ද මේ අත්තනෝමතික ඇමැතිවරුන් වෙනසක් කරන බවට අපට නම් විශ්වාසයක් නැත. මන්දයත් බල දේශපාලනය තුළ මේ ඇමැතිවරුන් විවිධ පාර්ශ්වයන් නියෝජනය කරන බැවිනි.

RSL

Related Posts