අධ්‍යාපනය ඉවරයි!

Spread the love

Akila 3

අකිල විරාජ් වැනි අයෙක් අධ්‍යාපන ඇමැති ලෙස පත් කිරීම සුබවාදී ලෙස දුටු අය සිටිති. තරුණයෙක් අත අධ්‍යාපනය තැබීමෙන් අධ්‍යාපනයේ ගැටලු විසඳගැනීමට හැකි වෙතැ යි ඔවුන් සිතුවා විය හැකි ය. අකිල විරාජ් ඇමැතිවරයා ද ඒ බව කටින් බතල කොළ හිටවමින් කියා සිටියේ ය. කෙසේ වෙතත් අකිල විරාජ්ගේ අධ්‍යාපනයේ තරම, කුලියාපිටිය අසාධාරණයට ලක් වුණු දරුවා සම්බන්ධ ප්‍රශ්නයේ දී රට ම දැන ගත්තේ ය.

දැන් අධ්‍යාපන ක්ෂේත්‍රය එ.ජා.ප කරණය කරන්නට සියලු වැඩ කටයුතු සැලසෙමින් තිබේ. ඒ දේශපාලන පළිගැනීම්වලට සහන යන කඩතුරාවට වහන් වෙමිනි. මේ ක්‍රියාවලිය ම ඊනියා යහපාලන යැ යි කියාගන්නා රජය විසින් ඛනිජ තෙල් සංස්ථාවේ ද සිදු කළේ ය. එහි දී වසර 4කට පෙර වන්දි ගෙන විශ්‍රාම ගත් සිය ඇම්බැට්ටයන්ට පවා දේශපාලන පලිගැනීමේ සහන සැලැසූ බව අපි දනිමු. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කරන්නට යන මෙම කටයුත්ත ඊට වඩා දහස් ගුණයකින් භයානක බව අපි කියමු. මන්ද යත් අධ්‍යාපන ක්ෂේත්‍රය යනු මෙරට අනාගතය බැවිනි.

දැනගන්නට ඇති පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ එ.ජා.ප. බත්බැලයන් 4500කට වැඩි පිරිසකට අප්‍රේල් මස අවසාන වන විට අධ්‍යාපන පරිපාලන පත්වීම් දෙන්නට කටයුතු සූදානම් කර ඇත. (රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යංශයේ ලේකම් දඩල්ලගේ විසින් අධ්‍යාපන අමාත්‍යංශයට මේ නාම ලේඛනය දැනටමත් එවා ඇත.) මේ සියලු දෙනා නුසුදුස්සන් බවට විවාදයක් නැත. එපමණක් නොව පරිපාලන සේවයේ 3වන ශ්‍රේණියේ 50 දෙනකු 1 ශ්‍රේණියට උසස් කරන්නට නියමිත ය. මේ අධ්‍යාපනයේ නිසැක මළගමයි. දේශපාලන පලිගැනීම්වලට විසඳුම අධ්‍යාපන ක්ෂේත්‍රය නූගතුන්ගෙන් පුරවාලීම ද?

රටේ අධ්‍යාපනයේ හෙට දවස විනාශ කරන මේ පහත් නින්දිත ක්‍රියාවලියට එරෙහිව රට ම පෙළ ගැසිය යුතු ය. මන්දයත් මේ රටේ අනාගතය මේ තීන්දු මත රැඳෙන බැවිනි.

මේ අවස්ථාව ඉතා ගැඹුරෙන් තේරුම්ගෙන මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට මේ තොරතුරු බෙදාහරින (Shere) ලෙස රීඩ් ශ්‍රී ලංකා පාඨකයන්ගෙන් අපි වගකීමෙන් ඉල්ලා සිටිමු.

(අැමැතිවරයාගේ ඡායාරූපය උඩු යටිකුරු කර පළ කර ඇත්තේ වැරැදීමකින් නොවන වග කරුණාවෙන් සලකන්න)

RSL

Related Posts