අර්ජුන ඔයා කවුද?

Spread the love

arjuna-ranathunga

තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්නැ යි අර්ජුන රණතුංග කරන ලද ප්‍රකාශය හෙළ දැකිය යුතු ය. මෙයට පෙරද අප ප්‍රකාශ කළ පරිදි තිලංග සුමතිපාල වැනි බුකිකාරයෙක් ද මේ තනතුරට සුදුසු නොවුණත් දැන් පත්වීම් ලද ඔහුට වැඩ කරගෙන යාමට කාලය දිය යුතු ය.

ක්‍රිකට් සමාජ නිලධාරීන්ට ගුටි බැට දෙමින් පවා අර්ජුනලා කමිටුවේ බලය අල්ලන්නට වලි කෑවද ඔවුන් ප්‍රතික්ෂේප වූවෝ ය. මහින්ද රාජපක්ෂ සහ අර්ජුන රණතුංග මේ ක්‍රියාවලියේ දී අතිශයින් සමාන ය. දෙපාරක් ජනපතිකම දරනු ලැබුවත් කරන්නට බැරි වූ දේවල් කරන්නට නැවත බලය ඉල්ලන මහින්ද මෙන් ම මෙතරම් කාලයක් ක්‍රිකට්වල බහිරවයන් මෙන් සිටි රණතුංගලා කරපු දෙයක් නැති බව කිව යුතු ය. ඇමැති දයාසිරි පැවසූ පරිදි දැන් ක්‍රිකට්වලට වී ඇති වින්නැහිය අර්ජුනලා පාලක මණ්ඩලයේ සිටි කාලයේ ගත් තීන්දුවල ප්‍රතිඵලයන් ය.

වෙනත් පිරිසක් ලෝක කුසලානයක් ගේනවාට අර්ජුනලා අකමැති ය. සැබෑ සත්‍යය එයයි. අර්ජුන ක්‍රිකට් පැණිහැලියට වහ වැටී දඟලද්දී ඔහුගේ සොයුරා වරාය විනාශ කරමින් සිටියි.

මෙවැනි දේවල් කරන්න, ඇත්තට ම අර්ජුන ඔයා කවුද?

RSL

Related Posts