ශ්‍රී ලංකන් එයාර් – ලැජ්ජ නැති වර්ජන!

Spread the love

srilankan_airlines[1]

රටටත් මහජනතාවටත් දැවැන්ත බරක්ව පවතින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය සම්බන්ධයෙන් මතුව ඇති කතිකාව හැරී තිබෙන්නේ එකී ආයතනය ප්‍රතිව්‍යූහගතකරණය කෙරෙන දිසාවට ය. මේ කටයුත්තට සපුරා එරෙහිව ශ්‍රී ලංකන් එයාර් අායතනයේ වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩවර්ජනයකට යාමේ සූදානමක් ඇති බව අප පුවත් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

මේවාට කිව යුත්තේ, ලැජ්ජ නැති වර්ජන කියා ය.

මෙයට පෙර, පුද්ගලීකරණය කර එමිරේට්ස් සමාගම සතුව තිබූ ශ්‍රී ලංකන් එයාර් නැවත මහින්ද රාජපක්ෂ රජය වෙත බාර දෙත් දී මාසිකව බිලියන ගණනක් ලාභ උපයමින් තිබුණි. මහින්ද රාජපක්ෂගේ මස්සිනා වූ නාකි මනමාල නිශාන්ත වික්‍රමසිංහට කාමභෝගී ජීවිතයක් ගත කරනු පිණිස පසුගිය කාලයේ පවරා තිබූ මෙකී ගුවන් සේවය දැන් තිබෙන්නේ රුපියල් ලක්ෂ 2119.64ක පාඩුවක් සහිතව ය. මේ මෙරට ජනතාව සබන් කැටයේ පටන් බදු ගෙවමින් නඩත්තු කරන ආයතනයකි.

නිශාන්ත වික්‍රමසිංහලා ලක්ෂ දහස් ගණනක පාඩුවක් වෙත මේ ආයතනය ගෙන යන විට මේ වෘත්තීය සමිති බුදියාගෙන සිටියා විය යුතු ය. ඒ නිසා එකල නොකළ දැන් කරන්නට දත කරන වර්ජන හැඳින්විය යුත්තේ ලැජ්ජ නැති වර්ජන කියා මිසක වෙන නමකින් නොවේ.

මේ වාහෙලා මේ කියන්නේ, සුදු අලි වැනි ජනතා මුදල් ලක්ෂ දහස්ගණනින් කාබාසිනියා කරමින් පවත්වාගෙන යන ආයතන තවදුරටත් පවත්වාගෙන යමින් රට විනාශයට ගෙන යන ලෙස ය. මෙලෙස දැවැන්ත පාඩුවක් සහිතව මේවා ගෙන යද්දී, අර්බුදයට යන්නේ රට යි. මේ අවලස්සන දේශපාලන ක්‍රමය යටතේ කිසිදු රාජ්‍ය ආයතනයක් ලාබ ලබන මට්ටමට ගෙනයන්නට රජය අසමත් බව ඕනෑවට වඩා ඔප්පු කර හමාර ය.

මේ රට කන ආයතන පෞද්ගලීකරණය කළ යුතු ය. නමුත් එය කළ යුත්තේ ආණ්ඩුවේ එවුන්ගේ සාක්කුවට කොමිස් වට්ටාගැනීම වෙනුවෙන් රටට හානිවන ආකාරයට නොවේ. රටට ජනතාවට වාසිදායකවන ගිවිසුම් යටතේ ය. එම අර්ථයෙන් අපි පෞද්ගලීකරණයට පක්ෂ වෙමු.

RSL

Related Posts