ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භින්න වීමේ තීරණාත්මක දිනය මැයි 01 වැනි දා වනු ඇතැ යි දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම මැයි රැළිය ගාල්ලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරටු කරගෙන සිටින ඒකාබද්ධ විපක්ෂය යැ යි හඳුන්වා ගන්නා කණ්ඩායම වෙන ම මැයි රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මේ වන විට ස්ථිර වී ඇත.
දැනගන්නට ලැබෙන පරිදි මේ රැළි දෙක වෙන වෙන ම පැවැත්වීමෙන් පසුව, ශ්‍රී. ල. නි. ප.ය දෙකඩ වීම සිදුවන්නට තිබෙන ඉඩ කඩ වැඩි ය. දිගින් දිගට ම පක්ෂයක් ලෙස ගන්නා ක්‍රියාමාර්ග උල්ලංඝනය වන තත්ත්වයක් මත පක්ෂයක් ඉදිරියට ගෙන යන්නට අසීරු බව ප්‍රකට කරුණකි. මෙය ලාංකේය දේශපාලනයේ ද තීරණාත්මක් හැරවුමක් වනු ඇති බවට මත පළ වෙයි.
Loading...