කොටකෙතන දී ඉකුත් වසරේ කාන්තාවක් ඝාතනය කෙරුණු අතර එය සිදු කරන ලද්දේ ඇගේ ම පුත්‍රයා විසින් බව කියමින් කහවත්ත පොලිසිය විසින් කරුණු ගොනු කරන ලදී. මෙරට තුච්ඡ, නින්දිත මාධ්‍යකරුවන් විසින් එම බාලවයස්කාරයාගේ සේයාරූ පළ කරමින්, අධිකරණයක සාධාරණ නඩු විභාගයකින් තොරව වැරදිකරුවෙක් කරන ලදී. ඔහුගේ සේයාරූ සෑම මාධ්‍යයක ම පාහේ කිසිදු සංස්කරණයකින් තොරව පළ කරන ලද අතර සිය පෙම්වතියට අවුරුදු තෑග්ගක් ගැනීමට මුදල් නොදුන් නිසා මව මරා දැමූ බව ඇඟ කිළිපොලායන කතාවක් ඒ මාධ්‍ය ඔස්සේ ම අසන්නට ලැබුණි.
මේ වන විට වාර්තාවන පරිදි එම සැකකාර බාලවයවස්කරුවා අදාළ නඩුවෙන් නිදහස් කර යවා ඇති බව දැනගන්නට ඇත. මේ සිදුවීම සුලුවෙන් බැහැර කළ හැකි ද? මාධ්‍යවලට රස භෝජනයක් වූ එම සැකකාර තරුණයාගේ අනාගතය කොතරම් විනාශකාරී වනු ඇත් ද? තමන්ගේ ගැලැවිල්ලට අතේ රෝලක් නිර්මාණය කළ කහවත්ත පොලිසිය එහි වගකීම බාරගන්නේ ද?
අභිනව පොලිස්පති පූජිත ජයසුන්දරට හැකිනම්, ලංකාවේ පොලිසිවල ඇති මේ අශිෂ්ටත්වය මැඩලීමට මැදිහත් විය හැකි ය. කරනව නං වැඩ මේවා ය.