මෙන්න පූජිත් වැඩ අරඹයි!

මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව වන ප්‍රශ්නය ඇත්තේ, තවමත් විසඳුමක් පේනතෙක් මානයක නැති මට්ටමක ය. සිසුන් විවිධ උද්ගෝෂණ ක්‍රියාමාර්ග ගන්නා අතර රජය සිටින්නේ නෑසූ කන් ඇති ව ය. රාජිත සේනාරත්න ඇමැතිවරයා වෙත දිගින් දිගට ම සයිටම් පාලනාධිකාරියට පක්ෂ ව වැඩ කරන බවට චෝදනා එල්ල වෙයි. කෙසේ වෙතත්, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපතිවරයාට ලිපියක් බාර දීමට ගිය වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර …

Continue Reading

බැසිල් මැයි රැළියට සල්ලි බෙදයි!

බැසිල් රාජපක්ෂ හෙවත් මිස්ට කමිෂන් මහින්ද රාපක්ෂ රෙජිමයේ බරපතල ම කොමිස් කාක්කා බව බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි. රුපියල් මිලියන 2000ක වංචාවක් ගැන බැසිල්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ මේ නොබෝ දා ය. ඒකාබද්ධ විපක්ෂයේ සුක්කානම විමල් වීරවංශලාගෙන් බැසිල් රාජපක්ෂ අතට පත් වූයේ ද මේ අසීමාන්තික මුදල් බලය නිසා ය. කිරුළපන පැවැත්වෙන්නට නියමිත මැයි රැළිය වෙනුවෙන් සෙනඟ සහභාගිත්වය සඳහා මුදල් අල්ලස් ලබා …

Continue Reading

විමල්ගේ බිරිඳගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි!

ජ.වි.පෙ.න් දේශපාලනය ඇරඹූ හිටපු අමාත්‍ය ජා.නි.පෙ නායක, විමල් වීරවංශගේ බිරිඳ ශෂි වීරවංශගෙන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (27 වැනිදා) ප්‍රශ්න කර ඇතැ යි වාර්තා වෙයි. පෙරවරු 9.00ට පමණ ඇරැඹුණු ප්‍රශ්න කිරීම සවස් කාලය දක්වා ඇදී ගිය බව දැනගන්නට ඇත. විමල් වීරවංශ විසින් අයථා වත්කම් විශාල ප්‍රමාණයක් උපයාගෙන ඇතැ යි අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව මේ …

Continue Reading

සබීතා දිනුම්!

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් අධිකතර කුලී මුදලකට යටත් ව ලබා ගන්නට යන බව අපි මෙයට පෙර වාර්තා කළෙමු. මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ සහ විරෝධයන් පැන නැංග ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න අැමැතිවරයා පවසන්නේ, අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබුණු බව යි. මාසිකව මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑපන්ලක්ෂයක් හෙවත් කෝටි දෙකකට …

Continue Reading

ෆෙඩරල් ගැන ජනපති කියයි!

තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව ගැනත්, ෆෙඩරල් විසඳුමක් ගැනත් පසුගිය දා කතා කළා ය. එමෙන් ම ද්‍රවිඩ ජාතික සන්ධානය ද විවිධ ප්‍රකාශ නිකුත් කරනු දක්නට ලැබුණි. එයට අමතරව, උතුරු පළාත් සභාව ෆෙඩරල් විසඳුමක් ඉල්ලා යෝජනාවක් ද සම්මත කරගත්තේ ය. මේ කරුණු-කාරණා සමපාත වීමෙන් එල්ලෙන්න වැල් නැතිව සිටි ජාතිවාදී කඳවුරට සටන් පාඨ කිහිපයක් ලැබුණු අතර විමල් වීරවංශ වැනි …

Continue Reading

දුමින්ද සිල්වාට අමතකවීමේ රෝගය යළිත් මතුවෙයි!

හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා මෙරට ප්‍රකට වූයේ ඔහුට භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පසු ව හටගත් අමතක වීමේ භයානක රෝගය නිසා ය. එම රෝගය ඊයේ දිනයේ නැවත මතු වුණ බව අප වෙත වාර්තා වූයේ, ඊයේ අධිකරණ ප්‍රවෘත්ති වාර්තා කරන්නට ගිය අප වාර්තාකරුවාගෙනි. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩු විභාගය ඊයේ (26) විභාගයට ගැනෙමින් …

Continue Reading

විමල් සහ ගම්මන්පිල ඉවරයි!

ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා පිරිසේ ප්‍රධානත ම දෙබාන වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට යන එන මං නැති ව ගොස් ඇතැ යි වාර්තා වෙයි. ජාතිවාදය උත්කර්ෂයට නංවමින් මහින්ද රාජපක්ෂ හරහා තම බල සිහිනය සැබෑ කරගන්නට උත්සාහ දැරූ මේ පිරිස, දැන් තිරයෙන් පිටුපසට විසි වී ඇතැ යි දැනගන්නට ඇත. එයට හේතුව වී ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙත බැසිල් රාජපක්ෂගේ ආගමනය යි. විමල් …

Continue Reading

බක් පෝය අදයි!

බක් පොහොය දිනය අදට යෙදී තිබේ. නව අවුරුද්දක් එළැඹෙන වසන්ත සමයෙන් ඇළැලෙන මෙම බක් පොහොය බෞද්ධාගමිකයන්ට වෙසෙස් වැදගත්කමක් දරන්නකි. මෙරටට බුදුන් වහන්සේ දෙවැනි වරට පා තැබුවේ බක් පුන් පොහෝ දිනයක බව බෞද්ධ විශ්වාසය යි. චූලෝදර – මහෝදර නම් නා රජුන් අතර නාගදීපයේ ඇති වූ යුද්ධය සන්සිඳවන්නට එවර බුදුන් වහන්සේ පැමිණි බව බෞද්ධ පොත්-පත්වල සඳහන් වෙයි. එමෙන් ම බෞද්ධ ඉගැන්වීම් අනුව, …

Continue Reading

බදු වැඩි වුණත් බිල වැඩිවෙන්නේ නැහැලු

එලඹෙන 02 වැනිදා සිදු කෙරෙන බදු සංශෝධනයෙන් විදුලි බිල්පත්වල සහ ජල බිල්පත්වල සංශෝනයක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. දැනට පවතින වැට් බදු ප්‍රතිශය 11% සිට 15% දක්වා ඉහළ දැමීමක් සිදු වන අතර එහිදී ජල හා විදුලි බදු …

Continue Reading

ධීවර ඇමැතිගේ මාධ්‍ය ලේකම් හොඳ සිහියෙන් ද?

ඊයේ (20) දිනයේ විවිධ මාධ්‍යවල ප්‍රධානකොට පළ වූ පුවතක් වූයේ, ශ්‍රී ලංකාවේ මාලු අපනයනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති තහනම මැයි 21 දා සිට ඉවත් කර ඇති බව ය. ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍යංශ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී. වන්නිනායක ඒ සම්බන්ධ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබූ අතර එය බොහෝ තැන්වල මාතෘකාවක් බවට පත් ව තිබුණි. පසුව ඔහු ම නැවතත් …

Continue Reading