ෆෙඩරල් ගැන ජනපති කියයි!

Spread the love

maithree taf

තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව ගැනත්, ෆෙඩරල් විසඳුමක් ගැනත් පසුගිය දා කතා කළා ය. එමෙන් ම ද්‍රවිඩ ජාතික සන්ධානය ද විවිධ ප්‍රකාශ නිකුත් කරනු දක්නට ලැබුණි. එයට අමතරව, උතුරු පළාත් සභාව ෆෙඩරල් විසඳුමක් ඉල්ලා යෝජනාවක් ද සම්මත කරගත්තේ ය. මේ කරුණු-කාරණා සමපාත වීමෙන් එල්ලෙන්න වැල් නැතිව සිටි ජාතිවාදී කඳවුරට සටන් පාඨ කිහිපයක් ලැබුණු අතර විමල් වීරවංශ වැනි කුප්‍රකට ජාතිවාදීහු බිරුසන් දෙන්නට පටන් ගැනීමත් මේ අතර සිදු විය.

ඊයේ (27) දින මාධ්‍ය ප්‍රධානින් කැඳවූ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා මේ සම්බන්ධ ව තම ස්ථාවරය පළ කළේ ය. ඒ මෙසේ ය.

“තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තව ඇත්තේ දවස්‌ කිහිපයක්‌ විතරයි. ඒ නිසා එම ඡන්දයට තරග කරන අය විවිධ ප්‍රකාශ කරනවා. මේවා අප ගණන් ගත යුතු නැහැ. එසේම උතුරු පළාත් සභාව තුළ දී උතුර – නැඟෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබා ගැනීම සඳහා සම්මත කර ගත් යෝජනාව සම්බන්ධයෙනුත් අප කලබල විය යුතු නැහැ. තමන්ට පක්‍ෂපාත ඡන්ද තිබෙනවා නම් ‘ඕනෑම යෝජනාවක්‌’ සම්මත කර ගැනීමට පළාත් සභාවකට පුළුවන්. එහෙත් ඒ හැම එකක්‌ ම ක්‍රියාත්මක කරන්න බලයක්‌ නැහැ. යෝජනා පැත්තකට දමමු. පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් පනත් මොන තරම් තිබෙනවාද කවදාවත් ක්‍රියාත්මක නොවන. මට කියන්න තිබෙන්නේ මෙපමණයි. මේ රට කඩන්න, වෙනම රාජ්‍ය පිහිටුවන්න මා ඇතුළු ආණ්‌ඩුව කිසි විටෙකත් ඉඩ දෙන්නේ නැහැ”

කොයි හැටි වෙතත් ජාතිවාදීන්ගේ බිරුසන්වලට බියෙන් දමිළ ජනතාව සතු සාධාරණ ඉල්ලීම් කෙරෙහි ප්‍රතිවිරෝධය දක්වන තැනකට තල්ලු වීමේ ඉඩ-කඩ වැඩි බැවින් මේ ගැටලුව කෙරෙහි ඉතා මැදහත් ව කටයුතු කළ යුතු බව අපේ හැඟීම ය.

RSL

Related Posts