විමල්ගේ බිරිඳගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි!

Spread the love

17004967465919227382

ජ.වි.පෙ.න් දේශපාලනය ඇරඹූ හිටපු අමාත්‍ය ජා.නි.පෙ නායක, විමල් වීරවංශගේ බිරිඳ ශෂි වීරවංශගෙන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (27 වැනිදා) ප්‍රශ්න කර ඇතැ යි වාර්තා වෙයි. පෙරවරු 9.00ට පමණ ඇරැඹුණු ප්‍රශ්න කිරීම සවස් කාලය දක්වා ඇදී ගිය බව දැනගන්නට ඇත.

විමල් වීරවංශ විසින් අයථා වත්කම් විශාල ප්‍රමාණයක් උපයාගෙන ඇතැ යි අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව මේ විමර්ශන ආරම්භ කෙරිණි. මන්ත්‍රී වැටුප ද පරිත්‍යාග කරමින් 2008 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන ක්‍රියාධරයෙක් ලෙස වැඩ කළ විමල් වීරවංශත්, කුඩා පරිමාණයෙන් නිමි ඇඳුම් ව්‍යාපාරයක නියැලුණු ශෂි වීරවංශ හෙවත් ශිර්ජා උදයන්තිත් අතිවිශාල සුඛෝපභෝගී නිවාස සේ ම හෝටල් ආදිය උපයා ගැනීම මුදල් අහසින් පහළ වීමෙන් කළ ඒවා නොවන බව පැහැදිලි කරුණකි.

මෙවැනි ප්‍රශ්න කිරීම් නම් බොහෝ ගණනක් පසුගිය කාලයේ සිදු වුණු බව සැබෑ මුත් ඒවායෙන් ගත් ක්‍රියාමාර්ග ගැන නම් ජනතාව තුළ පැහැදීමක් ඇත්තේ නැත. මාස 16ක් ගතවීත් මහා පරිමාණ ජනතා මුදල් කොල්ලකෑවුන් ඉතා සුවසේ සිටින බව පමණක් පෙනෙන්නට ඇත.

RSL

Related Posts