බැසිල් මැයි රැළියට සල්ලි බෙදයි!

Spread the love

basil-4

බැසිල් රාජපක්ෂ හෙවත් මිස්ට කමිෂන් මහින්ද රාපක්ෂ රෙජිමයේ බරපතල ම කොමිස් කාක්කා බව බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි. රුපියල් මිලියන 2000ක වංචාවක් ගැන බැසිල්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ මේ නොබෝ දා ය. ඒකාබද්ධ විපක්ෂයේ සුක්කානම විමල් වීරවංශලාගෙන් බැසිල් රාජපක්ෂ අතට පත් වූයේ ද මේ අසීමාන්තික මුදල් බලය නිසා ය.

කිරුළපන පැවැත්වෙන්නට නියමිත මැයි රැළිය වෙනුවෙන් සෙනඟ සහභාගිත්වය සඳහා මුදල් අල්ලස් ලබා දෙන්නට පටන්ගෙන ඇතැ යි බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වී තිබේ. මත්පැන්, කෑම සහ අතට මුදල් ලබා දීමට ප්‍රාදේශීය මහින්දවාදීන්ට මුදල් ලබා දෙමින් යන බව ඒ හරහා තවදුරටත් වාර්තා වෙයි. ඒ සඳහා ඔවුන්ගේ ගිනුම් අංක කෙටි පණිවුඩ මගින් දැනටමත් ලබා ගනිමින් යන බව ද දැනගන්නට ඇත.

මේ වෙනුවෙන් ප්‍රාදේශීය මහින්ද පාක්ෂිකයන්ට වැය කරන්නට යන මුදල රුපියල් ලක්ෂ 162 ක් පමණ වෙතැ යි කියැවේ. කෙසේ වෙතත්, මුදල් බලය හරහා නැති ජන බලයක් පෙන්වන්නට මෙම සියල්ල සිදු කරන බව පැහැදිලිව ම පෙනී යන කරුණකි.

RSL

Related Posts