බැසිල් විමල්ට සැළකීම අරඹයි; ඒකාබද්ධ විපක්ෂ වේදිකාවත් විමල්ට අහිමිවෙයි

Spread the love

mal-wimalඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීමේ කටයුතු වලින් විමල් වීරවංශ සහ ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ ඉවත් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීම මුළුමනින්ම කොමිනියුස් පක්ෂයට සහ සම සමාජයට පවරා ගැනීමට වාසුදේව සහ තිස්ස විතාරණ විසින් ඉල්ලා ඇති අතර ඊට වෙනත් අයගේ සහය අනවශ්‍ය බවද ඔවුන් මහින්ද රාජපක්ෂට පවසා ඇත. එය පිළිගෙන ඇති මහින්ද එහි පුර්ණ අයිතිය වාසුට සහ තිස්සට පවරා ඇත.

මේ සඳහා සියුම් උපදෙස් ලබාදී ඇත්තේ බැසිල් රාජපක්ෂ වන අතර ඔහු ඒකාබද්ධ විපක්ෂ වේදිකාව තුළ විමල්ගේ නිදහස් පෙරමුණේ කැපී පෙනෙන නිරූපණයක් සිදුනොවීමේ වැදගත් කමත්, එය එසේ සිදු වුවහොත් මෙය රැළියට පැමිණෙන ශ්‍රීලනිප සාමාජිකයින්ට දැනෙන අයුරුත් මහින්දට සහ දිනේෂ්ට පෙන්වා දී ඇත. එය මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනද අවිවාදයෙන් පිළිගෙන ඇති අතර ඒ අනුව වේදිකාව නිර්මාණය කිරීමේ කටයුත්ත වාසුට සහ තිස්සටත් එම පක්ෂවලටත් පැවරීමට තීරණය කොට ඇත.

මේ හේතුවෙන් විමල්ගේත් ඔහුගේ පක්ෂයේ පක්ෂ ක්‍රියාකාරීන්ගේත් බලාපොරොත්තු සුනු විසුණු වී ගොස් ඇත. මේ වන විට විමල් වීරවංශ බැසිල්ගේ මෙම කනේ පහර සම්බන්ධයෙන් දැඩි කෝපයෙන් පසුවන අතර ඊයේ එක්තරා රූපවාහිනි වැඩසටහනකදීද මේ බව ඔහුගෙන් ප්‍රකාශ වුණි.

ආශ්‍රිත පුවත්: බැසිල් ඒකාබද්ධ විපක්ෂය මිලදී ගනී (විශේෂ)

RSL

Related Posts