විමල් සහ ගම්මන්පිල ඉවරයි!

Spread the love

wimale

ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා පිරිසේ ප්‍රධානත ම දෙබාන වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට යන එන මං නැති ව ගොස් ඇතැ යි වාර්තා වෙයි. ජාතිවාදය උත්කර්ෂයට නංවමින් මහින්ද රාජපක්ෂ හරහා තම බල සිහිනය සැබෑ කරගන්නට උත්සාහ දැරූ මේ පිරිස, දැන් තිරයෙන් පිටුපසට විසි වී ඇතැ යි දැනගන්නට ඇත. එයට හේතුව වී ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙත බැසිල් රාජපක්ෂගේ ආගමනය යි.

විමල් සහ ගම්මන්පිලට අවශ්‍ය වූයේ පහසුවෙන් ජාතිවාදය අවුස්සාලිය හැකි ගෝඨාභය රාජපක්ෂ නායකත්වයට ගෙන ඒමට වුවත්, අසීමාන්තික මුදල් හැකියාව නිසා බැසිල්ට ලෙහෙසියෙන් ම බැසිල්ට මූලිකත්වය ගන්නට හැකිව ඇති බව වාර්තා වෙයි. බැසිල් රාජපක්ෂලාගේ ක්‍රියාකලාපය නිසා මහින්දට ගෙදර යාමට සිදු වූ බව විමල් වීරවංශ ඍජුව ම පවසා තිබුණි. වර්තමාන තත්ත්වය යටතේ බැසිල් සල්ලි විසි කරමින් සියල්ල පාලනය කරමින් සිටින තත්ත්වයක් ගොඩ නැගී ඇති බවත් විමල් සහ ගම්මන්පිල බලවත් අපහසුතාවට පත් ව ඇති බවත් පෙනෙන්නට තිබේ. මාධ්‍ය සාකච්ඡා පවා දෙදෙනා වෙන වෙන ම පවත්වන තත්ත්වයක් පසුගිය දිනවල දක්නට ලැබුණි.

මේ සියලු කරුණු නිසාවෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ විවිධ බෙදීම් නුදුරු දින කිහිපයේ දී දැකගන්නට ලැබෙනු ඇත.

RSL

Related Posts