අර්ජුන වරායේ සේවකයන්ට බෝනස් වෙනුවට මෝදක බෙදයි!

Spread the love

Arjuna

අර්ජුන රණතුංග ආණ්ඩුව පත් වූ විගස ම නව ආණ්ඩුවේ කිරි කලයට ගොම එක් කළ ඇමැතිවරයා ය. ඥාති සංග්‍රහය විවේචනය කරමින් බලයට පැමිණි අර්ජුන සිය සොයුරාව වරාය සභාපති කර වැඩ පටන්ගත්තේ ය. මුල පටන් ම වරාය තුළ අර්ජුනගේ ක්‍රියාකලාපයට වූයේ බරපතල විරෝධයකි. අවුරුදු සමය ආසන්නයේ අවුරුදු දීමනා ආදිය කපා හරින ලදැයි ද, ඇමැති සහ සොයුරු නිශාන්ත සභාපති ඉවත් විය යුතු යැ යි ද උපවාසයක් පවා වරායේ ආරම්භ විය.

අගමැතිවරයා මැදිහත් වීමෙන් සාකච්ඡා කර එකී වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කෙරුණු අතර දැනගන්නට ඇති නවත ම ප්‍රවෘත්තිය වරාය වෙත ජනතා මුදලින් ලක්ෂ 24ක වටිනාකමකින් යුතු මෝදක වර්ග සහ ආයුර්වේද ඖෂධ ගෙන්වා ඇති බව යි. වරායේ විසඳිය යුතු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තිබිය දී මෙලෙස මෝදක ගෙන්වාලීමෙන් අර්ජුන ඇමැති සිදු කරන්නට යන්නේ කුමක් දැ යි පැහැදිලි නැත.

අවසානයේ ඉල්ලීම් වෙනුවෙන් මෝදක ලැබී ඇත.

RSL

Related Posts