මෙන්න ආණ්ඩුවේ හොඳ වැඩක්!

Spread the love

rose_red_lily_flowers_bouquet_nature_basket_hd-wallpaper-423998

වරදට වරද කියා කෙළින් කියමින් චෝදනා කරන්නට හැකිවාක් මෙන් ම හොඳ දේට හොඳ යැයි කියමින් පසසන්නට ද කොන්දක් තිබිය යුතු ය. නියම මාධ්‍ය කලාවක හරය එයයි. හැමදා ඍජුව, අනම්‍යව, අචලව රජයේ වැරැදි විවේචනය කරන අපට ඔවුන්ගේ හොඳක් කියන්නට ද අවස්ථාවක් කලාතුරකින් වුවද ලැබී තිබේ.

රාජ්‍ය ආයතන, ව්‍යස්ථාපිත මණ්ඩල සහ සංස්ථා ආදියට කෙරෙන පත්වීම් (සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්) සඳහා සලකා බැලිය යුතු නිර්ණායක සහ සුදුසුකම් පිළිබඳව නියාමනයක් පනවන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

බලය ගත් වහාම ඇමැතිවරුන් පත් කෙරෙන අතර ඇමැතිවරුන් තමන් යටතේ පවතින ආයතනවලට පත් කරන්නේ තම පවුලේ සාමාජිකයන් සහ සිය දේශපාලන සට්ටඹියන් ය. ඔවුන් පරම්පරා හතකට ඇති වන තරම් හරි හම්බ කරගන්නා අතර අදාළ ආයතනය විනාශ මුඛයට ම යයි. මේ සඳහා මෑත කාලීන ම උදාහරණය, පසුගිය රජය විසින් ශ්‍රී ලංකන් එයාර් ආයතනයට සභාපති ලෙස පත් කරන ලද මහින්ද රාජපක්ෂගේ මස්සිනා නිශාන්ත වික්‍රමසිංහ නම් නාකි මනමාලයා එම ආයතනය විනාශ කළ ආකාරය යි.

එමිරේට්ස් ආයතනය ලාබ සහිතව මෙරටට බාර දෙනු ලැබූ ශ්‍රී ලන්කන් එයාර්, මහින්දලා විසින් ලක්ෂ 2000ට වඩා ණය වුණු ආයතනයක් බවට පත් කළේ එසේ ය.

එබැවින් කැබිනට් මණ්ඩලය ගන්නා ලද මේ තීරණය කටපුරා පැසසුම් ලබා දිය යුතු අන්දමේ එකකි. මෙය නීතිගත කර ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ නම්, මෙහි අගය කියා නිමක් කළ නොහැකි තරම් වනු ඇත.

RSL

Related Posts