ජනපති මඩු වලිගය අතට ගනියි ද?

Spread the love

maithree taf

එළැඹෙන 02 වැනිදා සිට වැට් බද්ද 15% දක්වා වැඩි කරන්නට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය ජනපතිවරයා විසින් විවේචනයට ලක් වී ඇත. ජනපතිවරයා සහ ආණ්ඩුව අතර 100% එකඟතාවක් නැති බව අපි කවුරුත් පාහේ දනිමු. මහින්ද රාජපක්ෂ කේක් කෑල්ලක් වැනි රටක් බාර දුන්නා යැ යි කියමින් පූූච්චානම් කතා කීවාට බරපතල ණයක් සහ හිස් භාණ්ඩාගාරයක් සහිත ආර්ථික වශයෙන් අර්බුදයට ගිය රටක් ඉතිරි කළ බව ද අපි දනිමු.

ජනපතිවරයා අමනාප ස්වරයෙන් පැවසූ පරිදි ජනදුක නොහඳුනන ආර්ථික විශේෂඥයින්ගෙන් ඇති පලයක් නැත. විපක්ෂයේ සිටිය දී ජනදුක හඳුනන මහා ආර්ථික විශේෂඥයින් වූ ආණ්ඩු බලයට පත්වූ විට තොත්ත බබාලා වන ආර්ථික විශේෂඥයින් ගැන නම් අපි දනිමු. හර්ෂ ද සිල්වා යනු එවැන්නෙකි.

රට කරගෙන යාමට අරමුදල් අවශ්‍ය බව සැබෑ මුත්, පොදු මහජනතාව පීඩාවට පත් කරමින්, ඔවුන්ගේ සාරය උරා බොන බදු වැඩි කරමින් අරමුදල් සොයන්නට නම් ආර්ථික විශේෂඥයන් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ රටේ නිෂ්පාදනයන් දියුණු කරමින්, එසේත් නැතිනම් වෙනත් ධනෝත්පාදන මාර්ග සොයාගනිමින් මේ රට අර්බුදයෙන් ගලවාගත හැකි විශේෂඥයන් ය.

ආණ්ඩුවේ බදු තීරණය තමා දැනගත්තේ, මාධ්‍ය මගින් යැ යි ජනපතිවරයා කියා තිබේ. එමෙන් ම මෙයට පෙරද මන්ත්‍රී දීමනා වැඩි කිරීම ගැන තමා දැනගත්තේ පුවත්පතකින් යැ යි ද ඔහු කීවේ ය. රටේ විධායක ජනපතිවරයා සේ ම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ද වන ජනපතිවරයාගේ එම ප්‍රකාශ විමතිය දනවන ඒවා බවත් ඒ සමඟම සටහන් කළ යුතු ය.

RSL

Related Posts