මහින්දට අමතක ඒ කටුක අතීතයෙන් බිඳක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතිඥ රාමයියා කන්නන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම පිළිබද නිකුත් කළ පුවත්පත් නිවේදනය ‘අසත්‍ය, සැගවීම හා මුලාව’ උතුරා හැලෙන ගංගාවකි. ‘අධිකරණයේ ස්වාධීනත්වය’ ට සිදු වූ බලපෑම් පිළිබද ගැඹුරින් විමසා නැවත යළි කිසිදු අවස්ථාවක මෙවැනි අවාසනාවන්ත සිදු වීම් ඇති නොවීම සදහා වග බලාගැනීම අපගේ වගකීමක් ව පවතී. මේ ලිපිය සකස් වන්නේ යහපාලන රජය අධිකරණයට සිදු කරන …

Continue Reading

09 වරක්ම විභාග අසමත් කුප්‍රකට සයිටම් CEOත් හොරෙක්!

මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට ඊයේ (22)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුප්‍රකට සමීර රේණුක සේනාරත්න නැමැත්තා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවයි එම පැමිණිල්ලේ දැක්වෙන්නේ. ඒ පිළිබද අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ පැවසුවේ …

Continue Reading

ජර්සි බෞද්ධ මධ්‍යස්ථානය ඇමරිකාව එරට සංස්කෘතික උරුමයක් කරගනී

2002 වර්ෂයේදි ආරම්භ කරන්නට යෙදුන නිව් ජර්සි බෞද්ධ මධ්‍යස්ථානය මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. විහාරාධිපති අතිපූජ්‍ය හුංගම්පල සිරිරතන නාහිමියන්ගේ මඟ පෙන්වීම හා අනුශාසනා අනුව 2007 වර්ෂයේ ආරම්භ කරන්නට යෙදුනු උතුරු ඇමරිකාවේ පිහිටි විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගොඩනැගීමය. වර්ෂ 2009 වර්ෂයේදි සම්පුරණයෙන්ම වැඩ නිමකර ලෝකවාසි බෞද්ධ ජනතාවගේත් මෙරට වාසය කරන ජනතාවගෙත් ආධාර උපකාර ඇතිව අතිඋත්කර්ෂවත් අයුරින් ජනතාවට …

Continue Reading

නවක වදය දුන් සිසුන්ට වැඩ වරදියි; දැඩි දඬුවම් නියමවෙයි

පේරාදෙණිය, කළුගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන කෘෂිකර්ම පීඨයේ නවක සිසුන් එහි රැගෙන ගොස් අමානුෂික ආකාරයෙන් නවක වධය ලබා දුන් බවට අත්අඩංගුවට පත් එම පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් 15 දෙනාට එරෙහිව විශ්වවිද්‍යාලය වශයෙන් ගත හැකි ඉහළම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද ඔවුන් සම්බන්ධයෙන් කිසිදු හෝ ලිහිල් පිළිවෙතක් අනුගමනය නොකරන බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවැසීය. අත්අඩංගුවට පත් සිසු …

Continue Reading

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ස්වාධීන වෙන්න යති

ආණ්ඩුවේ මෙන්ම පළාත් සභාවල පවතින ව්‍යාකූලභාවය හේතුවෙන් පළාත් සභා නවයෙහිම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත්‍රිවරුන් පළාත් සභාවල ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි එම පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. දකුණ සහ බස්නාහිර පළාත් සභා දෙක තුළ මේ තත්ත්වය බරපතළ ලෙස උද්ගත වී ඇති බවත් දකුණු පළාත් සභාව නියෝජනය කරනු ලබන නිදහස් …

Continue Reading

අතුරලියේ රතන හිමි අස්වනු නෙළති

කින්නියා කොරංගුපඤඤං වසමේ අක්‌කර 10 ක වගා කරන ලද වස විස නැති බී. ජී. 352 දෙමුහුන් වී වගාවේ අස්‌වැන්න නෙලීමේ කටයුතු පසුගියදා වස විස නැති ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සහ විපක්‍ෂ නායක ප්‍රියන්ත පතිරණ, වැඩසටහනේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකාරක දයා චමින්ද, ත්‍රිකුණාමය ප්‍රධාන පුහුණුකරු සුනන්දලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ එම කුඹුරු …

Continue Reading

මාර්තු 1 වැනිදා සිට දුම්රිය නව කාලසටහනකට

මාර්තු මස 01 වැනි දින සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විධිවිධාන යොදා තිබේ. 2006 වසරේ සිට වසර 11කට පසුව සංශෝධනය කරන ලද නව දුම්රිය කාලසටහනේ ප්‍රථම පිටපත දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ඊයේ (20දා) පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී භාර දෙනු ලැබීය. වසරින් …

Continue Reading

බැඳුම්කරේ කළු සල්ලි සුදු කරගන්න දැඩි සටනක

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සහ තවත් මූල්‍ය සමාගම් දෙකක ගනුදෙනු සීමා කරමින් මහා බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය පැනවූ නියෝග ඉවත් කරන්නැයි ඉල්ලා එම සමාගම් තුන ගොනු කළ රිට්‌ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 03 දා උසාවිය හමුවේ කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (20 දා) තීරණය කළේය. පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට නියෝග කරනවද පෙත්සම ප්‍රතික්‍ෂේප කරනවද …

Continue Reading

කීත් නොයාර්ට පහරදීම පිටුපස මෙහෙයුම හෙළිවෙයි

මාධ්‍යවේදි කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය පිටුපස සිටින ප්‍රබල චරිතය පිළිබඳ තොරතුරු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අනාවරණය කර ගෙන තිබේ‍. එම තොරතරු තහවුරු කර ගැනීමේ පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර මේ පහර දීම සැළසුම් සහගතව සිදුවුවක් යැයි සැක කෙරේ. ඒ අනුව මේ පහර දීමේ සිද්ධියට අදාළ සැළසුම පිටුපස තවත් අත්අඩංගුවට ගතයුතු කිහිප දෙනකු සිටිනු ඇතැයි සැක කෙරෙන …

Continue Reading

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවත්සරික පිරිත් සජ්ජායනය ශ්‍රවණයට ජනපති එක්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වන සංවත්සරය වෙනුවෙන් (18) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සාර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික වෛද්‍යවරුන් ඇතුථ පිරිසක් මෙම පිරිත් සජ්ජායනය ශ්‍රවණයට එක්ව සිටියහ.

Continue Reading