ජර්සි බෞද්ධ මධ්‍යස්ථානය ඇමරිකාව එරට සංස්කෘතික උරුමයක් කරගනී

Spread the love

2002 වර්ෂයේදි ආරම්භ කරන්නට යෙදුන නිව් ජර්සි බෞද්ධ මධ්‍යස්ථානය මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

විහාරාධිපති අතිපූජ්‍ය හුංගම්පල සිරිරතන නාහිමියන්ගේ මඟ පෙන්වීම හා අනුශාසනා අනුව 2007 වර්ෂයේ ආරම්භ කරන්නට යෙදුනු උතුරු ඇමරිකාවේ පිහිටි විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගොඩනැගීමය.

වර්ෂ 2009 වර්ෂයේදි සම්පුරණයෙන්ම වැඩ නිමකර ලෝකවාසි බෞද්ධ ජනතාවගේත් මෙරට වාසය කරන ජනතාවගෙත් ආධාර උපකාර ඇතිව අතිඋත්කර්ෂවත් අයුරින් ජනතාවට වන්දනාමාන කිරීමටත් දැක බලා ගැනීමටත් පැමිණෙන පිරිස ඉතා විශාලය. විශේෂයෙන්ම ඇමෙරිකන් ජාතිකයන්ගේ මනස නිවන ඔවුන් ඉතා ප්‍රිය කරන ස්ථානයක් ලෙස මෙම ස්ථානය ඉතා ප්‍රචකිතය. ශ්‍රී ලාංකික පිංවතුන් නිරන්තරයෙන් පැමිණ වන්දනා මාන කිරීමෙන් ඔවුන්ගේ දුක සැප දෙකෙහිදිම ආශීර්වාද ලබා දෙමින් ඔවුන් වෙත ආධ්‍යාත්මික මඟ පෙන්වීම සඳහා විහාරස්ථානයෙ වැඩ වාසය කර භික්ෂූන් වහන්සේලා නිරන්තයෙන්ම කටයුතු සිදු කරනු ලබයි.

පසුගිය එනම් 2017 පෙබරවාරි මස 14 වන දින නිව් ජර්සි විහාරස්ථානයෙ ඇති සමාදි බුද්ධ ප්‍රතිමා වහන්සේ උතුරු ඇමරිකාවේ පිහිටා ඇති විශාලතම සංස්කෘතිමය වටිනා කමින් යුතු ස්ථානයක් ලෙස මෙරට රජය ව්ඉසින් නම් කරන්නට යෙදුනහ. එම සුවිශේශි අවස්ථාව සඳහා අති පූජ්‍ය හුංගම්පොල සිරිරතන නාහිමි, නේපාලේ විනීත හිමි සහ ඇඹිලිපිටියේ විජිත හිමියන් ඇතුළු දොස්තර විජෙ කොට්ටහච්චි, වජිර ගුණවර්ධන Carol මහත්මිය හා විහාරස්ථ වියළුම දායක දායිකාවන්ට පුණ්‍යානුමෝදනා පූර්ව ස්තූතිය නැමෙයි.

පින්තූරයේ සිටින පිරිස; franklin Township Mayor philip Kramer. Councilman, Rajiv Prasad, අතිපූජ්‍ය හුංගම්පොල සිරිරතන නාහිමි, නේපාලේ විනීත හිමි සහ ඇඹිලිපිටියේ විජිත හිමියන් ඇතුළු දොස්තට විජේ කොට්ටහච්චි, වජිර ගුණවර්ධන, Carol Kuehn

RSL

Related Posts