09 වරක්ම විභාග අසමත් කුප්‍රකට සයිටම් CEOත් හොරෙක්!

Spread the love

මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට ඊයේ (22)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුප්‍රකට සමීර රේණුක සේනාරත්න නැමැත්තා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවයි එම පැමිණිල්ලේ දැක්වෙන්නේ.

ඒ පිළිබද අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ පැවසුවේ වෛද්‍ය සමීර සේනාරත්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විභාගය 9වරක් අසමත්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස්පතිවරයා වෙත කල පැමිණිල්ල පහත පරිදි වේ.

2017 පෙබරවාරි 22
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01,
පොලිස්පතිතුමනි,
වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ව්‍යාජ ලෙස වෛද්‍යවරයෙක් ලෙස ප‍්‍රසිද්ධියේ පෙනී සිටින පුද්ගලයෙකු පිළිබඳ පැමිණිල්ල

1. පැමිණිලිකරු, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තීය සමිති ආඥා පණත අනුව නිසි ලෙස ලියාපදිංචි කරන ලද ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තියේ නියැලෙන වෛද්‍යවරුන් විශාල පිරිසක් සාමාජිකත්වය දරණ වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, නිපුණතා සංවර්ධනය වෙනුවෙන් සහ සුරක්ෂිත හා ගුණාත්මක වෛද්‍ය සේවාවක් මහජනතාවට ලබා දීමට කැපවූ ගෞරවනීය වෛද්‍ය වෘත්තිකයින් නියෝජනය කරන වෘත්තීය සමිතියක් වන අතර අංක 949/04, මරදාන පාර, කොළඹ 08 දරණ ලිපිනයේ ප‍්‍රධාන කාර්යාලය පිහිටා ඇත.

2. විත්තිකරු, සමීර රේනුක සේනාරත්න නැමැත්තා වන අතර තැපැල් පෙට්ට්ය 11, මිලේනිය ඩ‍්‍රයිව්,චන්ද්‍රකා කුමාරතුංග මාවත, මාලඹේ යන ලිපිනයේ පිහිටි දකුනු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනයේ (SAITM) ප‍්‍රධාන විධායක නිළධාරියා ලෙස හා එහි වෛද්‍ය පීඨයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි.

3 ඔහු වෛද්‍ය වරයෙකු ලෙස ප‍්‍රසිද්ධියේ පෙනී සිටී .නමුත් ඔහු වෛද්‍යවරයෙකු ලෙස ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී නැත.වෛද්‍ය ආඥා පනතේ 38 වගන්තිය ප‍්‍රකාරව යම් පුද්ගලයෙකු වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වෛද්‍යවරයෙකු යැයි හැගෙන පරිදි කටයුතු කිරීම නීති විරෝධී වේ .

4. මෙම පැමිනිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර විත්තිකරුගේ ව්‍යාජභාවය තහවුරුකර නීත්‍යානුකූලව පියවර ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.

වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්

පිටපත් –
1. ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය
2. ශ‍්‍රී ලංකා ෙවෛද්‍ය සභාව
3. ජනමාධ්‍ය

RSL

Related Posts