කීත් නොයාර්ට පහරදීම පිටුපස මෙහෙයුම හෙළිවෙයි

Spread the love

මාධ්‍යවේදි කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය පිටුපස සිටින ප්‍රබල චරිතය පිළිබඳ තොරතුරු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අනාවරණය කර ගෙන තිබේ‍.

එම තොරතරු තහවුරු කර ගැනීමේ පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර මේ පහර දීම සැළසුම් සහගතව සිදුවුවක් යැයි සැක කෙරේ.

ඒ අනුව මේ පහර දීමේ සිද්ධියට අදාළ සැළසුම පිටුපස තවත් අත්අඩංගුවට ගතයුතු කිහිප දෙනකු සිටිනු ඇතැයි සැක කෙරෙන අතර ඉදිරි පරීක්ෂණවලදී ඔවුන‍ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමටද ඉඩ ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද හමුදා නිලධාරීන් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගෙන් මේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

‘ද නේෂන් පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු කීත් නොයාර් මහතාට එම පහර දීමේ සිද්ධිය සිදු වි ඇත්තේ 2008 වර්ෂයේදීය.

එවකට මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වුවත් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොතිබිණි

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදු‍ කරයි.

RSL

Related Posts