ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ස්වාධීන වෙන්න යති

Spread the love

ආණ්ඩුවේ මෙන්ම පළාත් සභාවල පවතින ව්‍යාකූලභාවය හේතුවෙන් පළාත් සභා නවයෙහිම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත්‍රිවරුන් පළාත් සභාවල ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි එම පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

දකුණ සහ බස්නාහිර පළාත් සභා දෙක තුළ මේ තත්ත්වය බරපතළ ලෙස උද්ගත වී ඇති බවත් දකුණු පළාත් සභාව නියෝජනය කරනු ලබන නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් පළමුව ස්වාධීන වීමට සූදානමක් ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 45 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ස්වාධීන මන්ත්‍රිවරු ලෙස කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් වාර්තා වෙයි.

RSL

Related Posts