මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..

පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක් පණ නැති, එකමුතුවක් නැති ආණ්ඩුවේ වරදින් සිදු වූ මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත අභ්‍යන්තර දේශපාලනික කථාව අප ඔබ වෙත ගෙන ආවෙමු. …

Continue Reading

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය විපක්ෂයෙන් කථානායකට! ඒත් විපක්ෂ නායක මහින්ද රිෂාඩ්ට එරෙහි වන්න බැහැ කියා කට්ටි පැනලා

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් යළි පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව චෝදනා දහයක්‌ යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හතර දෙනකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට භාර දෙන ලද අතර එහෙත් ඊට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකර මාරු වී තිබීම සුවිශේෂී සිදුවීමක් විය. මේ මොහොතේ …

Continue Reading

මහින්දගේ කුපාඩි වැඩක් කරළියට!

1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. එහෙත් සැබැවින්ම මේ වන විට රටේ ජාතිවාදී ත්‍රස්තවාදයක් නිර්මාණය කරමින් රටේ …

Continue Reading

Exclusive: ගෝඨාභයට බැරි නිසා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට; මෛත්‍රී-මහින්ද විශේෂ හමුවක්

අමෙරිකානු ජාතික පුරවැසිභාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන් අත්මිදීමට නොහැකි තත්වය හේතුවෙන් පොහොට්ටුව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ බව ජනාධිපතිවරයාට ඉතා සමීප ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනෙකු විසින්ම තහවුරු කළ අතර හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම …

Continue Reading

ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙය සිව්වන සාකච්ඡා වටයටත් යන්න සූදානම් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද තුන්වෙනි වරටද සාකච්ඡා වටය අද (10) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණ. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගී වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහචාර්ය ජී.ඇල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, ජගත් වැල්ලව යන මහත්වරුන් …

Continue Reading

වෘත්තීය සමිති මර්දනයට ආණ්ඩුවෙන් අලුත්ම දරුණු පනතක්!

පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීන් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත ලෙස සාමාන්‍ය නීතියට අන්තර්ග්‍රහනය කිරීමේදී සිදුවන ප්‍රතිවිපාක පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. මෙහිදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරීස් මහතා විසින් මෙම පනත අහෝසි කර සාමාන්‍ය නීතියට අන්තර්ග්‍රහනය කිරීමේදී මාධ්‍යවේදීන්, වෘත්තිය …

Continue Reading

ආණ්ඩුව අයවැයෙන් තුනෙන් දෙකක් දැනටම පරාදයි

2019 අයවැය මේ වනවිටත් තුනෙන් දෙකකින් වත්මන් ආණ්ඩුව පරාජය වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ වලස්මුල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දක්වමින්. ඊයේ(28) දිනයේ දී අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වීම ආණ්ඩුවේ විශාල පරාජයක් වන බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, පසුපෙළ මන්ත්‍රීවරුන්ට සියුම් ලෙස මෙම …

Continue Reading

ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන්නේ, බදු මුදල් දෙගුණයක් වැඩි කරලා

ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන බව ආඩම්බරයෙන් කියනවා. බදු ආදායම දෙගුණයක් කිරීමෙනුයි ඒ ආදායම වැඩිකරගෙන තියෙන්නේ. නමුත්, බදු ආදායමෙන් කරන දෙයක් ගැන ආණ්ඩුව කියන්නේ නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(20) පෙරවරුවේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ පැවති උත්සවයකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, වරාය විකිණුවා. ගුවන්තොටුපල විකුණන්න හදනවා. වරාය වගේ නොවේයි ගුවන්තොටුපල විකුණුවාම …

Continue Reading

ශ්‍රීලනිප-ශ්‍රීපොජපෙ අතර පළමු සාකච්ඡා වටය සාර්ථකයි! දෙවන වටයටත් දින තීන්දුයි!

රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි දෙවන අදියර මෙම මස 21 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. අද(14) පැවති සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදු ජන පෙරමුණ නියෝජනය …

Continue Reading

විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්ද-ජවිපෙ සාකච්ඡා සාර්ථකයි! පැය කිහිපයක සාකච්ඡාවකින් පසු ඉදිරියට යෑමට එකඟතාවය (විඩීයෝ)

‍20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව ඊයේ (06) පැවැත්විණි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග එක්වූහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති …

Continue Reading