කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් යළි පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව චෝදනා දහයක් යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හතර දෙනකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට භාර දෙන ලද අතර එහෙත් ඊට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකර මාරු වී තිබීම සුවිශේෂී සිදුවීමක් විය.
මේ මොහොතේ උද්ගත වී ඇති තත්වය හමුවේ රැල්ලට ගෙන ආ බදියුර්දීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ චෝදනා 10ක් ඉදිරිපත් කර ඇත.
- පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන මෙන් යුද හමුදාපතිට බලපෑම් කළ බවට හමුදාපතිවරයා 2019 මැයි 05 සිළුමිණ පුවත්පතට ප්‍රකාශ කර ඇති හෙයින්ද
- සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ඉන්සාම් අහමඩ් ඊබ්‍රහිම්ට අයත් තඹ කර්මාන්ත ශාලාවකට සම්මතයට පටහැනිව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය හරහා හිස් පතුරම් කොපු සපයා ඇති හෙයින්ද,
- බෝම්බ නිෂ්පාදනය කළ බවට සැකකරන එකී කම්හලේ සේවකයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකර 2019.05.06 දින ඔවුන්ට ඇප ගැනීමට ඉඩ සැලසීමෙන් පොලීසියට දේශපාලන බලපෑමක් ඇති බවට සාධාරණ සැකයක් මතුවන හෙයින්ද ,
- රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ භාණ්ඩාගාරික වන එස්.කේ.පී අලහුඩීන් ත්‍රස්ථවාදීන්ගේ සැලසුම් සම්බන්ධයෙන් යථා තොරතුරු දැන සිට එය බලධාරීන්ට හෙළි නොකළ හෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිමය කටයුතු කිරීමට හැකියාව තිබියදී එසේ නොකළ නිසාද,
- අමාත්‍යවරයාගේ ප්‍රබල හිතවතෙක් වන අල්හාජ් මොහොමඩ් ඊබ්‍රහිම් යූසුෆ් ඊබ්‍රහිම්ගේ පුත්‍රයින් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කටයතු කළ හෙයින්ද ,
- සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු වූ සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදියෙක් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති හෙයින්ද ,
7.ඇමතිවරයාගේ උපදේශකවරයෙක් ලෙස පෙනී සිටි මවුලවීවරයෙකු ත්‍රස්තවාදී සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට පත්ව ඇති හෙයින්ද ,
8. ඇමතිවරයාගේ සහෝදරයෙක් වන රිෆ්කාන් බදියුදීන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මන්නාරම පොලීසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමෙන් තොරව බලපෑම් මත නිදහස් කළ හෙයින්ද ,
9. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අනිසි බලපෑම් සිදුකරන බවට ආරක්ෂක හමුදා සහ පොලිසීයේ නිලධාරීන් පවසන තොරතුරු මත සමාජයේ ප්‍රබල මතයක් මතු වී ඇති හෙයින්ද ,
10.ත්රස්තවාදීන් සහ ඇමතිවරයා අතර ප්‍රබල සම්බන්ධයෙන් ඇති බවට වන මතය පැහැදිළිව තහවුරු වී තිබියදී ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය අපොහොසත් වී තිබීම නිසා , ඔහු විසින් ඇමතිධුරය දැරීම විමර්ශනවලට බාධාවක් සේ පෙනෙන හෙයින්ද ,
අමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය බිඳවැටී ඇති බව විශ්වාසභංග යෝජනාවේ දැක්වෙයි.