මහින්දගේ කුපාඩි වැඩක් කරළියට!

Spread the love

1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහෙත් සැබැවින්ම මේ වන විට රටේ ජාතිවාදී ත්‍රස්තවාදයක් නිර්මාණය කරමින් රටේ කළු ජූලියක් යළි නිර්මාණයට උත්සහ දරන්නේ කවුරුන්ද, ඒ සිහිනය දකින්නේ කාට බලය ලබාගැනීමටද, ඒවා පිටුපස සිටින්නේ කවුරුන්ද යන වග මේ වන ජනතාවට අවබෝධ වී අවසන්ය.

රටේ ආරක්ෂක අංශ නොමඟ යැවීම සඳහාත් ජනතාව භීතියට පත් කිරීම සඳහාත් බොරු ඔත්තු ලබාදුන් සහ ව්‍යාජ බෝම්බ පරිපථ බස් රථවල තබාගිය අයවලුන් ගෝඨාගේ රාජපක්ෂ කඳවුරේ උනුන් බව මේ වන විට සොයාගෙන අවසානය. ලේ පිපාසිත බල වියරුවෙන් මුළු රටේම ජනතාවගේ ජීවිත තැතිගන්වමින්, රට අරාජික කරන්නේ කවුරුන්ද යන්න සහතික කිරීමට තවත් කරුණු කීම අනවශ්‍ය බව මෙයින් පැහැදිලිය.

එසේම පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළේ, එළඹෙන 13 වනදා පාසැල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් එල්ලවීමට නියමිත බවත්, එම නිසා පාසැල් වසා දමන ලෙසත්ය. එහෙත් අද දිනයේදී එවැනි කිසිඳු ප්‍රහාරයක් එල්ල නොවූ අතර, රාජපක්ෂවාදීන් රටේ විවිධ තැන් ගිනි තැබීම කළකෝළහාර සිදුකිරීම ආරම්භ කළේය.

මෙලෙස විවිධාකාරයෙන් රටත්, රටේ ජනතාවගේ ජීවිතත් ගිනි තබන මහින්ද ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය, එසැනින් අනෙක් පසට ප්‍රෝඩාකාරී මාධ්‍ය නිවේදනයක් හෝ අල්ලන්න එන මයික්‍රෆෝනයකට කථාවක් නිකුත්කොට වහලුන් නොවූ රටේ අතිබහුතර ජනතාව තම පවුල් උනුන්ට වහල්කම් කරන වහලුන් මෙන් ගොනා ඇද්දවිය හැකි යැයි උපකල්පනය කරති.

Loading...

RSL

Related Posts