Exclusive: ගෝඨාභයට බැරි නිසා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට; මෛත්‍රී-මහින්ද විශේෂ හමුවක්

Spread the love

අමෙරිකානු ජාතික පුරවැසිභාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන් අත්මිදීමට නොහැකි තත්වය හේතුවෙන් පොහොට්ටුව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

මේ බව ජනාධිපතිවරයාට ඉතා සමීප ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනෙකු විසින්ම තහවුරු කළ අතර හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා තවදුරටත් කාලය ගතවීමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට තිත තැබිමට ගෙනයන වැඩපිළිවෙළ සහ සුළු ජාතීන්ගේ ප්‍රසාදය දිනාගෙන සිටීම මීට හේතු වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරවීමට ‍පොදු විපක්ෂයට නොහැකි වුවහොත් ඔවුන්ට ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට ජනාධිපති සිරිසේනට වඩා සුදුස්සෙකු නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙකු පැවැසීය.

එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරවීමට ‍පොදු විපක්ෂය සූදානම් විය යුතු බවද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර මේ වන වී සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

ජනාධිපතිවරයාට සුළු ජන ඡන්ද දිනාගැනීමටද හැකියාව ඇති බැවින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සුළු පක්ෂ කිහිපයකම සහයද ඔහුට දිනා ගැනීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද ජනාධිපතිවරයා සමග එකතුවීමට නියමිතව ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එජාපයට එකතු වූ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයා නැවත ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් ඔහුට සහය දීමට සූදානමින් සිටිති.

මීට අදාළව විශේෂ හමුවක් ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර පැවැත්වීමට නියමිතව ඇත.

RSL

Related Posts