ආණ්ඩුව අයවැයෙන් තුනෙන් දෙකක් දැනටම පරාදයි

Spread the love

2019 අයවැය මේ වනවිටත් තුනෙන් දෙකකින් වත්මන් ආණ්ඩුව පරාජය වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ වලස්මුල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දක්වමින්.

ඊයේ(28) දිනයේ දී අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වීම ආණ්ඩුවේ විශාල පරාජයක් වන බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, පසුපෙළ මන්ත්‍රීවරුන්ට සියුම් ලෙස මෙම කර්තව්‍ය සිදු කිරීම ගැන ස්තූතිවන්ත විය යුතු බව ද පැවසීය.

මේ අතර, ඩිජිටල් ආර්ථිකයක් හදනවා යනුවෙන් පැවසුවත් ලංකාවට විදුලිය නොමැති බවට මාධ්‍යවේදීන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, කළුවර යුගය නැවත පැමිණ ඇති බවත් තමා එය සම්පූර්ණයෙන් නැති කර දැමූ බවයි.

තමාගේ පාලන කාලය තුළ විනාඩියක් හෝ විදුලි විසන්ධි කිරීමට නොගිය බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ඒ සඳහා නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ද කියා සිටියේය.

සාම්පූර් වැනි විදුලිබලාගාර තමාගෙන් පළි ගැනීමට ඉදි නොකර සිටීම මෙයට හේතුවක් වන බව ද ඒ මහතා මෙහිදී සඳහන්  කළේය.

අනාගතයේ දී දෙමළ සන්ධානයේ ක්‍රියාකාරීත්වය ලෙස බලා නොසිට අනාගතයේ දී එයට විරුද්ධ බලවේගයක් නැගිටිනු ඇති බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 

RSL

Related Posts