ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙය සිව්වන සාකච්ඡා වටයටත් යන්න සූදානම් (වීඩියෝ)

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද තුන්වෙනි වරටද සාකච්ඡා වටය අද (10) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණ.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගී වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහචාර්ය ජී.ඇල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, ජගත් වැල්ලව යන මහත්වරුන් සහභාගී වූහ.

ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙ අතර ප්‍රතිපත්තිමය කරුණු 20ක් සඳහා සාකච්ඡා සිදුකරන බවට මුලින් තීරණය කර තිබුණද එය කරුණු 25 ක් දක්වා වැඩි කිරීමට මෙම සාකච්ඡාවේදී තීන්දු කළ බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද(10) සාකච්ඡාවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ සාකච්ඡාව 4 වැනි වටය පැවැත්වීම සඳහා මෙහිදී දින යොදා ගත් බවත් ඒ අනුව සිවුවැනි සාකච්ඡාවට මැයි මස 09 වැනිදා පැවැත්වීමට තීන්දු කළ බවත්ය.

RSL

Related Posts