මිනීමැරුමෙන් ඇමති අර්ජුන බේරෙන්න ගහපු සැලැස්ම හෙළිවෙයි!(වීඩියෝ)

Spread the love

පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ආණ්ඩු පෙරලියත් සමඟ ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ සිටි සියලුම අමාත්‍යවරුන්ට තම අමාත්‍යධුර සහ අමාත්‍යංශ අහිමි විය. ඒ සමඟම එජාපයේ සිටි මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සියල්ලන් එක්ව උරදුන්නේ යළි තම ආණ්ඩුව ලබාගැනීමේ සටනටයි. කිසිවෙකුත් තම ආමාත්‍යංශවලට බලහත්කාරයෙන් නීතිවිරෝධීව රිංගන්න ගියේ නැත. මේ මොහොතේ එවක ඛනිජ තෙල් අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග සිටියේ විදේශගතව වන අතර සිද්ධිය සැලවීමත් සමඟම අර්ජුන තිගැස්සුනේය. ඔහුට ගැටලුව වූයේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව අහිමිවීම නොව තමා ඉහගෙන කෑ ඛනිජ තෙල් අමාත්‍යංශය අහිමි වීමට බව සාක්ෂාත් කළ පෙන්වූයේ වෙන කිසිවෙකුත් නොව ඔහුමය.

පක්ෂයට වඩා ලොකු වුණු හොරකම්

ආණ්ඩු පෙරළිය සැලවීමත් සමඟම විදෙස් ගතව සිටි ඇමති අර්ජුන එසැනින් ලංකාවට පැමිණියේය. කටුනායකයින් ගොඩබට අර්ජුන විදුලි වේගයෙන් ගියේ තමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව යළි බලයට ගෙන ඒමේ සටනට පණ පෙවීමට නොව තමා හිටපු අමාත්‍යංශයේ තමාගේ කුප්‍රකට ගැහිලි ඇතුලත් ලිපිගොනු ටික හොරෙන් පන්නා ගැනීමටය. මෙම සිදුවීම තුළ සුදු පිරුවට අඳින අර්ජුන දූෂිත හොරෙක් යන සැකය මතුකරන්නේ වෙන කිසිවෙකුත් නොව ඔහුගේම මෙම පහත් හැසිරීමයි. ඊට හේතුව නම් ඒ මොහොතේ අර්ජුන හැර එක්සත් ජාතික පක්ෂයේ වෙන කිසිඳු ඇමතිවරයෙකු බලහත්කාරයෙන් තම අමාත්‍යංශවලට පැන ලිපිගොනු උස්සන්න ගියේ නැත. ඔවුන් සියල්ලන්ම ඒ මොහොතේ එකාවන්ව කැපවුණේ තම ආණ්ඩුව රැකගැනීම වෙනුවෙනි.

එහෙත් ඒ මොහොතේ ඇමතිවරුන්ට තම අමාත්‍යංශවලට ඇතුල්වීම තහනම් කර තිබියදීත් නීතිවිරෝධීව බලහත්කාරයෙන් අමාත්‍යංශයට කඩාපැන ලිපිගොනු පැහැරගැනීමට ගිය ඇමති අර්ජුන රණතුංගට ඛනිජ තෙල් සේවකයින්ගෙන් එල්ලවූයේ දැඩි විරෝධයකි.

බඩු සමඟ හොරා හෙලුවෙන්

ඔවුන් තම අමාත්‍යංශයේ ලිපිගොනු අර්ජුනට බලහත්කාරයෙන් පැහැරගෙන යෑමේ අවස්ථාව ලබාදුන්නේ නැත. ඔවුන් එකාවන්ව එක්ව මෙම කුප්‍රකට දූෂිත ඇමතියාව වටකර පොලිසියට භාරදීමට සැරසුණහ. පැන්නවීමට ගිය හොර ෆෙයිල් සමඟ පොලිසියට කොටු වීම “බඩු සමඟ හොරා හෙලුවෙන්” වැනි සිදුවීමක් වන බැවින් අර්ජුන හොඳින් හෝ නරකින් එතැනින් පිටවීමට උත්සහා දැරූ බව එම සිදුවීමට අදාළ සීසීටීවී දර්ශන නිරීක්ෂණයෙන් පෙනෙන්ට තිබේ. ඒ වෙනුවෙන් තමා වටකර ගත් තමා හිටපු අමාත්‍යංශයේ සේවකයින්ට වෙඩි තබා මරා දැමීමට ඔහුගේ අණ යටතේ සිටින අංග ආරක්ෂකයින් හරහා ක්‍රියාත්මක විය. අවසානයේ අර්ජුන නීතිවිරෝධීව අමාත්‍යංශයට රිංගා තම හොර ලිපිගොනු පැහැරගෙන යෑම වෙනුවෙන් සියල්ලන් ඉදිරියේ සේවකයෙක් වෙඩි තබා මරා දැම්මේය. තවත් සේවකයින් පිරිස් බරපතළ තුවාල ලැබූහ. ඔවුන්ගෙන් සමහරු තවමත් අසාධ්‍ය තත්වයෙන් රෝහලේය.

එසේ ඝාතනයට ලක්කල සේවයාගේ ලේ මතින් අර්ජුන අවසානයේ පැනගියේ පොලිස් විශේෂ කාර්යය බලකායේ පිහිටෙනි. රණතුංගලාට මෙවැනි අමානුෂික ඝාතන, පක්කිලි වැඩ අමුතු දෙයක් නොවන්නේ රෙජී රණතුංගලාගේ සිට ජානවලින් එන නිසා වන්නට පුළුවන.

ජාලගත රණතුංග සහ සහෝදර සමාගම

ඒ මොහොතේ සේවකයෙකු මරා තවත් සේවකයින් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදී සේවාස්ථානයෙන් පොලිස් රැකවල් මැද පලාගිය තමා ලෝකශූරයා යැයි කියාගන්නා අර්ජුන දින කිහිපයක් සැඟව සිටියේ හිරේ නොයා බේරීමටය. ඒ වෙනුවෙන් අර්ජුන එජාපයට ගැන තුට්ටුවකට මායිම් කළේ නැත. ඒ මොහොතේ අග්‍රාමාත්‍යවරයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද පිළේ සිටින අර්ජුනගේ බාල සොහොයුරා වහාම ක්‍රියාත්මක විය. එම පිළේ ගාමිණී ලොකුගේ හරහා අවශ්‍ය සහය ඔහු තම වැඩිමහල් සොහොයුරා වෙත ලබාදුන්නේය. බූවලු න්‍යාය මත දේශපාලනයේ සෑම දිශාවකටම ස්ථාන ගත වූ රණතුංග සහෝදර ජාලය තම වැඩිමහල් සහෝදරයා මුදවාගැනීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක විය. ඒ අනුව තම අණමත තම ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකරන අංග ආරක්ෂකයා බිල්ලට දී අර්ජුන හිරේ නොගොස් බේරීමට සමත් විය. මෙය මෙතෙක් දේශපාලනයේ බිහිව ඇති විශාලතම සහෝදර ජාලය වන රණතුංග සහ සහෝදරයින්ගේ කූට දේශපාලන උපායමාර්ගික සැලැස්ම ඇස්පනාපිට විද්‍යාමාන කර පෙන්වූ සුවිශේෂී අවස්ථාවකි.

රණතුංග සහ සහෝදර සමාගමේ එක් සහෝදරයින් පිරිසක් දේශපාලන ක්ෂේත්‍රය ප්‍රධාන පක්ෂ තුන හරහා නියෝජනය කරන අතර තවත් සහෝදරයින් පිරිසක් මාධ්‍ය ඇතුළු ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට අරක්ගනිමින් තම ඉහළ සහෝදරයින්ට අවශ්‍ය ඉන්ධන සපයයි.

සැබෑ මිනීමරුවා බේරෙන්න දෙන බිල්ල

කෙසේ වෙතත් 2018 ඔක්තෝම්බර් 28වනදා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෙකු වු රංග රාජපක්ෂ මහතා වෙඩි තබා මරාදැමීමේ සිද්ධියෙන් අර්ජුන බේරී ඒ වෙනුවට තම අංග ආරක්ෂක පොලිස් නිලධාරීයා බිලිදුන් අතර ඔහුවද පසුගියදා අර්ජුන කූට ලෙස බේරාගත්තේ නීතියටද කොළේ වසා බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබේ. සියල්ලන් ඉදිරියේ මිනීමරා, තවත් අයවලුන්ට බරපතළ තුවාල සිදුකොට ඊට අණදුන් බවට සැක කෙරෙන ඇමති අර්ජුන සහ වෙඩි තැබූ ඔහුගේ අංග ආරක්ෂක පොලිස් නිලධාරීයා නිදහස් වන්නේ කෙසේද..? ඝාතනයට ලක්වූ සේවකයෙකු මෙන්ම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට යුක්තිය ඉටුවන්නේ මෙසේ නම් එය ඉතා අනුවේදනීය ප්‍රශ්නාර්ථයකි. මේ සම්බන්ධයෙන් එම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂි සමඟ වන හෙළිදරව්වක් සිදුකරන්නේ ඒ මොහොතේ එම ස්ථානයේ සිටි ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතාය.

මේ ඒ සම්බන්ධයෙන් වන සුවිශේෂී අනාවරණයයි.

RSL

Related Posts