ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන්නේ, බදු මුදල් දෙගුණයක් වැඩි කරලා

Spread the love

ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන බව ආඩම්බරයෙන් කියනවා. බදු ආදායම දෙගුණයක් කිරීමෙනුයි ඒ ආදායම වැඩිකරගෙන තියෙන්නේ. නමුත්, බදු ආදායමෙන් කරන දෙයක් ගැන ආණ්ඩුව කියන්නේ නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(20) පෙරවරුවේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ පැවති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,

වරාය විකිණුවා. ගුවන්තොටුපල විකුණන්න හදනවා. වරාය වගේ නොවේයි ගුවන්තොටුපල විකුණුවාම ගුවන් කලාපයේ අයිතිය ඔවුනට යනවා. රට විකුණන තත්වයට මේ ආණ්ඩුව පත්වෙලා.

අපි නොරොච්චෝලේ හැදුවා. සාම්පුර් බලාගාරය හදන්න සියල්ල සුදානම් කරලයි තිබුනේ. නමුත් මෙම රජය බලයට ඇවිත් එය නතර කලා. ඒ නිසා ඉදිරියේදී විදුලි අර්බුදයකටත් අපිට මුහුණ දෙන්න සිදුවේවි.

යුද්ධය අවසන් කළ හමුදා නායකයින්ට රටවලට ඇතුළු වීම තහනම් කරලා. ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට යනවා. එය ක්‍රියාත්මක වන්නේ හදිසි නීතිය තුළයි. නමුත් එය සාමාන්‍ය නීතියට එකතුකරාම විරොධතාවයන්, සිසු අයිතින් වෙනුවෙන් වන උද්ඝෝෂණ, දේශපාලන රැස්වීම් වැනි දේ තහනම් කරමින් ජනතා මර්ධනයටයි ආණ්ඩුව සැරසෙන්නේ.

පසුගියදා නවසිලන්තයේ 49 දෙනකු ඝාතනය වුනා. දැන් ලංකාවේ මෙවැනි දේ සිදුවන්නේ නැහැ. එමගින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විශාල සහනයක් ලැබුනා. ඒ ගැන ඔවුන්ගේ දේශපාලන නායකයින් කථා කරන්නේ නැහැ.

ඔවුන්ගේ නායකයින් මෙම ආණ්ඩුවට සහය ලබා දෙමින් සියලු පහසුකම් භුක්ති විදිනවා. සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ගැන ඔවුන් කිසි උනන්දුවක් නැහැ යයිද මහින්ද රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

RSL

Related Posts