කිසිලෙසකින්වත් මම යළි වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට වැඩ කරන්නේ නැහැ- විජිත් විජිතමුණි සොයිසා (වීඩියෝ)

Spread the love

දේශපාලන පක්ෂයක් ලෙස පැවසුවද පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ තනි පවුලක් විසින් බවත්, තමා කිසිඳු ලෙසකින් එවැනි තනි පවුලක් අරක්ගත් පක්ෂයක වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට සේවය නොකරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ මොණරාගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

තමා මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව අසීමිතව උදව් කළ බවත්, එහෙත් එතුමාට බලය ලද සෑම අවස්ථාවකදීම අපටම පහරදී වහලුන් ලෙස තබාගෙන බලය රදාපවත්වාගත් බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

රාජපක්ෂවරුන්ට වහල්කම් කරන එය ඉන්නවා නම් කරුණාකර මෙම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසත්, තමා දේශපාලනය නොකළද රාජපක්ෂවරුන්ට වහල්කම් කිරීමට සූදානම් නැතිබවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා දැඩිව පවසා සිටියේය.

එසේම තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බවත්, තමාගේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා රැස්ව සිටි පිරිස අමතමින් පවසා සිටියේය.

RSL

Related Posts