රංජන් හෙළිකළ එජාප කැබිනට්ටුවේ කුඩ්ඩෝ අල්ලන්න ජනාධිපති ලේකම්කාර්යාලයේ විශේෂ පරීක්ෂාවක්!

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කොකේන් ගහන බවට තමනට සැක ඇති වී තිබෙන්නේ යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. කැබිනට් මණ්ඩලය තුල මත් ද්‍රව්‍ය භාවිතා කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය. කුඩු ගහන කොකේන් ගහන මැතිඇමැතිවරුන් සිටිත් නම් ඒක බරපතළ තත්වයක්. …

Continue Reading

එක තරගයක් දිනා හැසිරුණු හැටියට දඬුවම් කළ යුතුයි

දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සමරමින් සිය විවේකාගාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ එම විඩියෝව සමාජ ජාලාවලට මුදා හැරි පුද්ගලයා සොයා ගෙන පළමුව ඔහුට දඩුවම් කළ යුතු බවයි. මෙම සිද්ධිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය පිරිහීමේ තරම පෙන්නුම් …

Continue Reading

2500න් පවුලක් කන හැටි කියාදුන් බන්දුල, රවීගෙන් ඇන ගනී (විඩියෝ)

පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ආර්ථික කටයුතු සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමාට භාර විෂය කරකියා ගත නොහැකිව අසරණ වූ තැන රුපියල් 2500 කින් පවුලකට කාබී ජිවත් විය හැකියැයි කෙබර ගසා තම දැනුමේ තරම සහ කෙරුවාවේ තරම පෙන්වමින් අනුන්ගේ චීත්ත පටි ඇඹරූ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධනට, විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රහාරයක් එල්ලවී ඇත. දේශපාලන කඳවුරු දෙකෙහි විෂයානුබද්ධ …

Continue Reading

ලංකාවේ අලූගෝසු තනතුරට විදේශිකයිනුත් ඉල්ලයි; ඇමරිකානුවෙක්ගෙන් විශේෂ ඉල්ලීමක්

ශ‍්‍රී ලංකාවේ එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලූගෝසු තනතුර සඳහා ඉල්ලූම්පත‍්‍ර කැඳවා ඇති අතර, ඒ සඳහා විදේශිකයින්ද ඉල්ලුම් කර ඇතැයි වාර්තාවේ. මේ අතර එම රාජකාරිය සඳහා ඇමෙරිකන් ජාතිකයකුද ඉල්ලූම් පත‍්‍රයක් එවා ඇතැයි බන්ධනගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි. ශ‍්‍රී ලංකාවේ කිසිවෙකු තමා හඳුනන්නේ නැති බව ද මෙම වෘත්තිය සඳහා දැඩි කැමැත්තක් දක්වන බව ද ඒ අනුව මෙම රැකියාව ලැබේවි යැයි තමා …

Continue Reading

පුළුල් ජාතික සන්ධානයකින් තොරව ජයග්‍රහණය ලැබිය නොහැකියි – ජනපති සියල්ලන් ඉදිරියේ අවධාරනය කරයි

මෙම වසර ස්ථිර වශයෙන්ම නව ආණ්ඩුවක් ගොඩනගන වසරක් බවත්, පුළුල් ජාතික සන්ධානයකින් තොරව මෙම ජයග්‍රහණය ලැබිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අවධාරනය කර සිටියේය. එක්සත් ජාතික පක්ෂය මෙහෙයවමින් සිටින්නේ එහි නායකත්වය විසින් නොවන අතර රටට හිතකර සහ රටට අවශ්‍ය නව ආණ්ඩුවක් මාතෘ …

Continue Reading

කිරිපිටි කොම්පැණිකාරයින්ට යටවෙලා ඒ අයට ඕන විදියට මේ රටේ සෞඛ්‍යය හසුරුවන්න දෙන්න බැහැ

අපි කිරි පිටි කොම්පැණිකාරයින්ට යටවෙලා, කිරිපිටි කොම්පැණිකාරයින්ට ඕන විදියට මේ රට හසුරුවන්න, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හසුරුවන්න දෙනවා නම් ඒක ඉතාමත් වැරදි යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (15) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. බහුජාතික සමාගම් විසින් මේ රටට ගෙන්වන පිටිකිරි කවුරුන් කොහොම කිව්වත් සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නැතැයිද ජනාධිපතිවරයා කීය. මහවැලි ගොවීන් 10,000 කට ඉඩම් ඔප්පු ලබාදීම සහ ආහාර නිෂ්පාදන ජාතික …

Continue Reading

මම පක්ෂයේ නායකත්වයට ආවේ පක්ෂයේ හැම එකාම බෝම්බයෙන් ගිය නිසා (වීඩියෝ)

යුද්ධයෙන් වැඩිම හානි සිදුවුණේ උතුරට බවත්, එල්ටීටීයෙන් මගේ එක්සත් ජාතික පක්ෂයේ අපේ නායකයෙක්, ජනාධිපතිවරයෙක්, මහලේකම්වරයෙක්, ජනාධිපති අපේක්ෂකයෙක් මැරුණා. ලලිත් ඇතුලත්මුදලි මැරුණා. මම පක්ෂයේ නායකත්වයට ආවේ පක්ෂයේ හැම එකාම බෝම්බයෙන් ගිය නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ විසිපස් වසරක අඛණ්ඩ අසහාය නායකත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ(15) කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමින් පැවසීය. පළාත් සභාවන් සතු බලතල භාවිත කරමින් …

Continue Reading

ව්‍යවස්ථාදායක සභාව අත්තනෝමතික දේශපාලන අධිකාරියක්

ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ථ රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමට ලක්වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා 09 ක් ස්ථාපිත කර ඒවායේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙම ව්‍යවස්ථාදායක සභාව පත් කරනු ලැබුවේය. ඒ අනුව අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, …

Continue Reading

ආනයනික කිරිපිටි වල අඩංගු විෂ රසායන පිළිබඳ වහාම පරීක්ෂණ සිදුකරන්න! රජයේ වෛද්‍ය නිලධාරීන් ජනපතිගෙන් යළි ඉල්ලයි

ආනයනික කිරිපිටි වල අඩංගු බවට මේ වන විට සොයාගෙන ඇති විෂ රසායන ද්‍රව්‍ය පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් යළි ඉල්ලීමක් සිදු කර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජය, ජනාධිපති ලේකම් කාර්යාලය, …

Continue Reading

අපේ ආණ්ඩුව හොරකම් කලාට මීනී මරන්නේ නෑ.. පැහැරගන්නේ නෑ..

වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා , “රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් …

Continue Reading