දරුවන්ට මානසික පීඩනයක් වුණු පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ තීරණය ලගඳීම ගන්නවා

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකග වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය. පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූ දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.   ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (20 වැනිදා) සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ …

Continue Reading

නීතිඥ සංගමයේ සභාපති පුටුව ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්සට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඊයේ(20) පැවති නිල වරණයෙන් තේරීපත්ව තිබේ. ඔහු ඡන්ද 4677ක් ලබාගෙන ඇති අතර එම ධුරය සඳහා තරග කළ නීතිඥ මහින්ද ලොකුගේ ඡන්ද 1415ක් ලබාගත්තේය. ඒ අනුව වැඩි ඡන්ද 3262කින් ඔහු සභාපති ධුරයට තේරීපත්ව තිබේ. එම සංගමයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා අද ඡන්ද විමසුමෙන් තේරීපත්වුණි. ඒ සඳහා ඔහුට …

Continue Reading

යාපනයේ මාධ්‍යවේදියකුට පොලිසිය පහර දෙයි! පහර දුන් අයි.පී. අත්අඩංගුවට ගන්න නියෝග!

යාපනයේ දෙමළ මාධ්‍යවේදියකුට පහර දුන් බවට සැක කෙරෙන පොලිස් පරීක්ෂකවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු නියෝග කර තිබේ. යාපනයේ කොකුවිල් ප‍්‍රදේශයේ නිවසකට 19 වැනිදා දහවල් පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී අදාළ ස්ථානයට ගිය යාපනයෙන් විකාශනය වන විදේශීය රූපවාහිනී චැනලයක නඩරාජා කුගරාජා නමැති මාධ්‍යවේදියාට පොලිස් පරීක්ෂකවරයකු බැන තර්ජනය කොට අනතුරුව පහර දී තිබේ. …

Continue Reading

දැන් පොලිසිය වෙඩි වගේ ක්‍රියාත්මකයි! කෝටි 700 දියමන්ති කොල්ලයේ මධුෂ්ගේ සගයාත් අල්ලයි

කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ නිවෙසකට පොලිස් වෙසින් කඩා වැදී රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවකු වන මධුෂ්ගේ සමීපතම ගෝලයකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ. රටේ ජනතාව වෙනුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා වූ ශ්‍රී ලංකා පොලිසිය …

Continue Reading

ආනයනික කිරිපිටිවල නැති ප්‍රමිතියක් සහතික කරන්න ඇමති රාජිත සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එළියට බසී(වීඩියෝ)

ආනයනික කිරිපිටිවල මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ රසායන ද්‍රව්‍ය සහ ඌරුතෙල් අඩංගු බවට හෙළිවීමත් සමඟ එම කිරිපිටිවලට නැති සහතික ලබාදෙමින් එම බහුජාතික සමාගම් වෙනුවෙන් පෙනීසිටීමට මින් පෙර තනිව ඉදිරිපත් වූ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මෙවර තම අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන්ද කැඳවමින් මාධ්‍ය හමු පවත්වමින් සිටී. එලෙස පවත්වන මාධ්‍යහමු මඟින් ආනයනික කිරි පිටි සම්බන්ධයෙන් පැතිර යන කථාවල කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නොමැති බව …

Continue Reading

දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කොටගෙන ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම නතර කර ගැනීමට දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙකත් ආණ්ඩුවට සහාය ලබාදෙන්නේ නැති බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ පසුගියදා මඩකළපුවේදී පැවැති එම පක්ෂ තරුණ සමුළුව අමතමිනි. එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය. දෙමළ ජනතාවට තවමත් සම්පූර්ණ නිදහස ලැබී නැහැ. …

Continue Reading

ජනපති මෛත්‍රී කසිප්පුවලට එරෙහි සංහාරක මෙහෙයුමක් අරඹයි

ගමේ ජනතාවත් රටේ ජනතාවත් සම්පූර්ණයෙන්ම කසිප්පුවලින් නිදහස් කරගැනීම සඳහා වන “කසිප්පු සංහාරක මෙහෙයුම” අද හෙටම ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවසීය. මේ යටතේ ගම්වලට පවත්වාගෙන යන කසිප්පු තිප්පලවත් වටලා ඉවත් කිරීමට අදාළ පොලිස් බල ප්‍රදේශ භාර පොලිස් ස්ථාධිපතිවරුන්ට යම් කාලසීමාවක් ලබාදෙන අතර එම කාලසීමාව ඇතුලත අදාළ කාර්යය ඉටුකිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා …

Continue Reading

අපරාධ සහ ජාවාරම්කරුවකු වන මධුෂ්ගේ ගිණුම් 23 ක කෝටි 1000 ඉක්මවූ මුදල්! රටපුරා වත්කම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත විශේෂ කාර්යය බලකාය සමඟ ඩුබායි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ බැංකු ගිණුම් 23 ක රුපියල් කෝටි 1000කට වැඩි මුදලක් ඇතැයි පොලිසිය සදහන් කරයි. මධුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරමින් පවතින විශේෂිත විමර්ශනයකදී මේ බව හෙළිව තිබේ. ඩුබායි සහ වෙනත් රට වල ඇති බැංකු ගිණුම් වල විස්තර ලබා ගැනීම …

Continue Reading

ව්‍යාපාරිකයින් අතුරුදන් කළ දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ස්ථානාධිපති අත්අඩංගුවේ

රත්ගම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 27 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා නිශාන්ත සිල්වා ඊයේ සවස කැඳවා තිබූ අතර අපරාධ …

Continue Reading

ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් ඇයි..?

කෙරවළපිටිය ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමට පිරිනැමීම සිදු නොවුණේ ඔවුන්ගේ ටෙන්ඩර් යෝජනාවට සාපේක්ෂව GCL, Wind force and Renew Gen සමාගමේ යෝජනාව අඩුලුහුඬුකම් අවම ප්‍රතිචාරාත්මක යෝජනාව වූ නිසා බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රතිචාරාත්මක ලංසුකරුට ටෙන්ඩරය ප්‍රදානය කිරීම ඇමැති මණ්ඩල අනුමැති හිමිවූ බවත් ලක්දනවි සමාගම රජයේ බදු මුදල් ගෙවීම සහ කාරක ප්‍රාග්ධනය (Working Capital) …

Continue Reading