විදුලි අර්බුදයෙන් ආණ්ඩුවට ගොඩ එන්නත්, ජනතාවට ගොඩයන්නත් විසඳුමක් (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව මේ වන විට පත්ව ඇති විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත් ඉන් පීඩා විඳින ජනතාව ඉන් මිඳී තමාට පහසුව සහ වාසිය අත්කර ගත හැකි දේශපාලනික නොවුනු ව්‍යාපාරික විසඳුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් අද(28)...

ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් ඇයි..?

කෙරවළපිටිය ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමට පිරිනැමීම සිදු නොවුණේ ඔවුන්ගේ ටෙන්ඩර් යෝජනාවට සාපේක්ෂව GCL, Wind force and Renew Gen සමාගමේ යෝජනාව අඩුලුහුඬුකම් අවම ප්‍රතිචාරාත්මක යෝජනාව වූ නිසා බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රතිචාරාත්මක...

විදුලිබලයට මෙතෙක් නොකළ වැඩක් රවී කරලා

මධ්‍යම කඳුකරයට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතියි. මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 27 ක් හා 20 ක්...

ජනතාවගේ විදුලි බිලටත් මිල සූත්‍රයක්‌!

විදුලිය සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සහ විදුලිබල අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සාකච්ඡා කරමින් පවතින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ද...

හොරුන්ට එරෙහිව වහා ක්‍රියාත්මක නොවුනහොත් ජාතික විදුලි බල පද්ධතියම අනතුරක!

ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය සියයට 240 කින් ඉහල ගොස් ඇති බව පවසන විදුලි බල මණ්ඩලයේ නිළධාරි රටපුරා ජාතික විදුලිය පද්ධතිය අවභාවිතා කරන කල්ලි කණ්ඩායම් පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම සැකයට තුඩුදෙන කරුණක් බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. මිනිස්...

අවසන් සාකච්ඡා වටය ඵලදරයි; විදුලි වර්ජනය අවසන්

ඉංජිනේරුවන්ගේ පඩියට සමාන පඩි වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. අද (20) දහවල් විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, විශේෂ නිවේදනයක් නිකුත්...

විශ්‍රාම ලැබු ලං.වි.ම සේවකයින් සේවයට කැඳවයි

විදුලි පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ එක් පියවරක් ලෙස විශ්‍රාමික කාර්ය මණ්ඩලය නැවත සේවයට කැඳවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව 2014.09.01 දිනට පසුව විශ්‍රාම ලැබූ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයින්...

විදුලිබල වර්ජනය ලත්තැනම ලොප් වෙයි! සේවක නිවාඩු අවලංගුයි!

අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූම සේවකයින්ගේ නිවාඩු ලබන 20 වන දා දක්වා අවලංගු කරන බව චක්‍රලේඛනයක් මඟින් නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ.කේ.සමරසිංහ මහතා පවසයි. මේ අතර ලංකා විදුලිබල...

විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්

කැබිනට් මණ්ඩලයත් නොමග යවමන්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා නැවත වරක් පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීම අරඹා ඇත. කැබිනට් මණ්ඩලයේ ද, රටේ ද ඇස් වසා සිදු කොට ඇති අලුත්ම ටෙන්ඩර් මගඩිය...