විදුලිබලයට මෙතෙක් නොකළ වැඩක් රවී කරලා

Spread the love

මධ්‍යම කඳුකරයට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතියි.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 27 ක් හා 20 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පවසයි.

ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියෝන් හා විමලසුරේන්ද්‍ර යන විදුලිබලාගාර සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ සහ කාසල්රී යන ජලාශ දෙකෙනි.

මෙයට පිළියමක් ලෙස විදුලිබල ඉතිහාසයේ ප්‍රථම වරට වියලි කාලගුණික තත්ත්වයන් තුළදී ජල විදුලිය අඛණ්ඩව ලබා ගැනීම සඳහා කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මේ අතර වියලි කාලගුණික තත්ත්වයන් තුළදී ජල විදුලි බල ජනනයට පවතින ගැටළුවට පිළියමක් වශයෙන් කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර ප්‍රවර්ධන අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති බවට වාර්තා වෙයි.

තායිලන්ත රජයේ තාක්ෂණික ඥානය උපයෝගි කර ගනිමින් මෙම කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

RSL

Related Posts