ජනතාවගේ විදුලි බිලටත් මිල සූත්‍රයක්‌!

Spread the love

විදුලිය සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සහ විදුලිබල අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සාකච්ඡා කරමින් පවතින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ද කීය.

විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවට ප්‍රකාශ කරමින් හඳුන්වා දීමට යන මිල සූත්‍රයේදී විදුලි ඒකක 30 හෝ 60 දක්වා සහන ලබාදී ඉන් එහාට විදුලි ඒකක පාවිච්චි කරන පිරිස් වෙත මෙම මිල සූත්‍රය හඳුන්වා දීමට නියමිත බවත් එහිදී විදුලි බිලේ වැඩිවීමක් සිදුවන බවයි.

මේ වන විට දිවයින පුරා ට්‍රන්ස්ෆෝමර් 45,000 ක් භාවිතයට ගෙන තිබෙන බවත් ඒවා වෙනුවට චීන රටෙන් ට්‍රන්ස්ෆෝමර් 75,000 ක් ගෙන්වීමට බලධාරීන් කැබිනට් අනුමැතිය පවා ලබාගෙන තිබෙන බවද කී ඒ මහතා එම ට්‍රන්ස්ෆෝමර් ගෙන්වීමට යන්නේ මෙරට ගබඩාවල ට්‍රන්ස්ෆෝමර් පවතිද්දී යන්න බවද කීය.

දැනට මෙරට ට්‍රන්ස්ෆෝමර් නිපදවීම සඳහා ලංකා ට්‍රන්ස්ෆෝමර් ආයතනය තිබියදී එහි ට්‍රන්ස්ෆෝමර් නිෂ්පාදන නොකර චීනයෙන් ගෙන්වන්නේ කාගේ අවශ්‍යතාවයද යන්න සොයා බැලිය යුතු බවත් කීය.

එමෙන්ම මේ වන විට නිවෙස් සඳහා ඩිජිටල් විදුලි මීටර් ගෙන්වීමට සැලසුමක් පවතින බවත් එම මීටර් සවිකිරීමෙන් පසු මනු කියවන්නන් පාරිභෝගිකයන් වෙත නොයා පරිගණකයක් ආශ්‍රයෙන් එක් එක්; පුද්ගලයා හෝ ආයතනයක් භාවිත කරන විදුලි ඒකක ගණනය කර ඒ සඳහා විදුලි බිල තැපැල් මාර්ගයෙන් එවීමට සැලසුම් කර තිබෙන බවත් රංජන් මහතා කීය.

RSL

Related Posts