ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් ඇයි..?

Spread the love

කෙරවළපිටිය ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමට පිරිනැමීම සිදු නොවුණේ ඔවුන්ගේ ටෙන්ඩර් යෝජනාවට සාපේක්ෂව GCL, Wind force and Renew Gen සමාගමේ යෝජනාව අඩුලුහුඬුකම් අවම ප්‍රතිචාරාත්මක යෝජනාව වූ නිසා බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රතිචාරාත්මක ලංසුකරුට ටෙන්ඩරය ප්‍රදානය කිරීම ඇමැති මණ්ඩල අනුමැති හිමිවූ බවත් ලක්දනවි සමාගම රජයේ බදු මුදල් ගෙවීම සහ කාරක ප්‍රාග්ධනය (Working Capital) යන කරුණු සිය යෝජනාවෙන් ඉදිරිපත් නොකිරීමේ තත්ත්වය යටතේ ඔවුන්ගේ යෝජනාවට වඩා අනෙක් ලංසුකරුගේ යෝජනාව ප්‍රතිචාරාත්මක යැයි තීරණ කෙරුණු බව අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ පැවැසීය.

එසේම එම ටෙන්ඩර් ප්‍රදානය චීන සමාගමකට ප්‍රදානය කළාය යන්න අසත්‍ය බවත් එය චීන නොව දේශීය සමාගමක් වන GCL, Wind force and Renew Gen සමාගමටත් ඇමෙරිකාවේ ට්ඡ් සමාගමෙන් ජනන යන්ත්‍ර යොදා ගන්නා බැවින් ඇමෙරිකාවටත්, චීනයේ ට්ඛ්ඹ් සමාගමටත් ලෙසින් එම පාර්ශ්ව තුනම දායකත්වය සපයන යෝජනාවක් බවත් පැවැසීය.

මේ බලාගාරයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අරඹා නිමා කරගත හැකිවූයේ එම බලාගාරය පද්ධතියට එකතුවීමට තිබූ 2019 කාලසීමාවේදී යැයි පැවැසූ ලේකම්වරයා, ඒ අනුව 2021 ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300 ස්වාභාවික වායු බලාගාරයද එවැනි ප්‍රමාදයන්ට ලක්වීමේ ඇති අවදානම සලකා බලා එම ටෙන්ඩර් ක්‍රියාවලියට යොදා ගනිමින් එම බලාගාරය ඉදිකිරීමට ඊළඟ ප්‍රතිචාරත්මක සමාගම වූ ලක්දනවි සමාගමට පිරිනැමීමට තීරණය කළ බවත් පැවැසුවේය.

ව්‍යාපෘති 2ක් සඳහා එක් ටෙන්ඩරයක් සලකා බලමින් ලංසුකරුවන් තෝරා ගැනීම විදුලිබල පනතට හටහැනි බවට මාධ්‍යවේදීන් චෝදනා නැඟූ අතර ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන නිසා එය විදුලිබල පනතට පටහැනි නොවන බවය.

2019 බලාගාරය ලක්දනවි සමාගමට අහිමිවීම හේතු කර ගනිමින් ඔවුන්ගේ සිත් සැනසීමට අමාත්‍යාංශයෙන් 2021 බලාගාරය සන්තෝෂමක් ලෙස ලබාදී ඇති බවටද මාධ්‍යවේදීන් එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා වෙත විවේචන ඉදිරිපත් කළේය.

ලේකම්වරයා මේ අදහස් පැවැසුවේ පසුගියදා (15දා) විදුලිබල අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

RSL

Related Posts